
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවසෙන අතර මෙම සුනඛයන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද හිරිහැරයක් බව පෙනී ගොස් ඇත.
කතානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක කලබලයට පත්ව " මෙහෙ බල්ලොත් හදනවාදැ"යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායකවරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන බල්ලො බැල්ලියො දෙජාතියම ඉන්නවා. උන්ට වෙන වැඩක් ඇතෑ. ඔය බුරනවා උඩුබුරලනවා පේන්නෙ වීඩියෝ වලත්.
ඕක ඇතුලෙත් ඉන්නවා නිකන් බුරන සුනකයෝ දෙතුන් දෙනෙක් .උන්වත් පුලුවන්නම් එළවලා දාන්න
මොනවද මේ පල කරන්නෙ. ජාතික පුවත්පතක දාන්න මීට වඩා වැදගත් නිවුස් ඇත්තෙම නැද්ද. හේවාජූලි හිඟා කනවද
පාර්ලිමේන්තු පරිශ්‍රයේ බල්ලෝ හදන්නේ නැහැ කතානායකතුමා, එත් පාර්ලිමේන්තුව රැස්වෙන දවසට, වැඩි ඇතක නෙමෙයි, බත්තරමුල්ල පැලවත්තේ ඉඳන් එන බල්ලෝ 159කින් තමයි තියෙන කරදරේ ! උන් එදාට පාර්ලිමේන්තුවේ කැන්ටිමටත් පැනලා, තියෙන බත් මුට්ටිවල දංකුඩ ටිකත් කාලයි, ආපහු මාදිවෙලට යන්නේ ! අපොයි උන්ගෙන් තියෙන කරදරක්, රිලවුන්ට වඩා. හැබැයි උන් එලවන්න නම්, උසාවි නියෝගයක් ඕනෑවෙයි !
හා හරි හිනා, දැන් ඉන්න කතානායකතුමා දඩාවතේ යන බල්ලෙක් දැකල කලබල වෙලා, හාහ් හ හ. මෙහෙ හන්දියට යන පාරේ දඩාවතේ යන බල්ලෝ සීයක් විතර ඉන්නවා. ගිය මාසේ මගේ මස්සිනා බයිසිකලේ යද්දී ඔය බල්ලෙක් නිසා අනතුරට පත් වුනා. අපිට ඉතින් උන්ගෙන් අඩුවක් නැහැ
ඇතුලේ ඉන්න රිලව් ගොන්නු ටිකත් අයින්කරන්න.
කතානායකතුමනි, ප්‍රවේසමෙන් උපදෙස් දුන මැනවි. ජනතා ඡන්දෙන් ඔතනට ආපු සුනඛයෝ කලබල වෙයි!!
හයියෝ ඝණ පූර්ණය නැතිවෙයි.....
අපි මාස කීපෙකට කලින් සෙට් එකම පැන්නුවා, තව කීප දෙනෙක් ඉතිරිවෙලා ඉන්නවා…!
එළීයේ විතරක් නෙමෙයි ඇතුලෙත් ඉන්නවා කීපදෙනෙක් ඉන්නවා... පොඩ්ඩක් හොයලා බලලා අඩු ගානේ බෙහෙතක්වත් දෙන්ඩ
වැඩකට නැති කතා ගුහාවක ඉන්න කකුල් දෙකේ බල්ලන්ට, බෞද්ධ රටක කෑම හොය හොය ඇවිදින, කතා කරන්න බැරි කකුල් හතරේ බල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන්ට ස්වාමියාට පක්ෂපාතී වීම, කෘතඥතාව, සමාව දීම සහ ආදරය වැනි අසමසම ගුණාංග තියෙනවා.
ඇයි පාර්ලිමේන්තුවෙ විතරක්. සමහර පාරවල්වල යන්න බෑ බල්ලො ඡරා කරල. ඒ වගේම යන එන අය සපා කනව.
ඔයිට වැඩිය මහ ගොඩක් බල්ලො හිටියා පාර්ලිමේන්තුවේ. පිස්සු බල්ලොත් හිටියා. පහු ගිය ඡන්දෙන් මහජනතාව ගොඩක් බල්ලන්ව එලවලා දැම්මා. තව කීප දෙනෙක් ඉතුරුවෙලා ඇති.
බල්ලෝ පන්නන්නේ නැතුව උන්ව ආරක්ෂා ඇති තැනකට ගෙනිහින් දාන්න.. පුරුදු තැන නැති වුණාම කොච්චර පව්ද?
බල්ලො ඔක්කොම පැන්නුවොත් ඔතන හිස් බිමක් වෙයිනෙ, කතාතුමෝ !_! හිස් බිම් වගා කෙරුවෙ නැත්තං ආණ්ඩුවට ගන්නවලු, නඩු දානවලු.
ආණ්ඩු පක්ෂෙන් ආසන 10ක් දෙන්න ඒ කට්ටියට.....
බල්ලෝ පැන්නුවට කිණිතුල්ලෝ මැක්කෝ තාම ඉන්නවා. හැමතැනම, උන්වත් එකිනෙකා ඉවත් කරන්න
පෙරේරා එයාගේ 159 දෙනාම බේරාගෙන
මැති සබේ සද්ද බද්ද ඇහිලා ... තමන්ගේ සනුහරේ අයව බලායන්න ආවාවත්ද?
විහිලු නොවේ දඩාවතේ යන බල්ලන් රට පුරාම විශාල ප්‍රශ්නයක් වෙලා , ඔවුන් නිසා සිදුවන මාර්ග අනතුරු නිසා අනිවාර්යයෙන්ම සතියකට ජිවිත 2-3 අනිවාර්යයෙන් නැති වෙනවා , බල්ලන් සාප කෑම නිසා විශාල පිරිසක් පිඩාවට පත්වෙනවා , බල්ලන් සපා කෑවට පසු එන්නත් කරනයටද විශාල මුදලක් රජයට වියදම් වෙනවා , දැන් ඉස්සර වගේ බලු වෑන් එන්නේ නැහැ , බල්ලෝ මරන්න බැරිනම් බල්ලන් වන්ධ්යකරණයට ලක් කර බලු ගහනය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක්..
හරියටම කී දෙනෙක් ඉන්නවාද බලන්න. අවුරුදු 76 ක් රට කෑවා කියන තවත් කෑමට ප්‍රේතව සිටින පිරිසක් වෙන්න ඇති ඔය ඉන්නවා ඇත්තේ. ඒ නිසා ඔය ඔක්කෝමලා එලවාදමා මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කර මියගිය සියලු දෙනාටම දානයක් දීලා පිං අනුමෝදන් කරන්න.
එක බල්ලෙක්නම් හැමදාම බොරුවට බුර බුරා හැමතැනම කැත කරනවා . අප්පිරියාවේ බැහැ.