භාෂාව පැටලී දොස්තර නෝනා ගිලන් රියෙන් පැනලා තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක්ව ව්නියාවේ වාර්තාවේ. 1 year ago
අල්ලස් ගත් ගොවි සමිතියේ ලේකම් රිමාන්ඩ් ගල් ඇඳිවල හාල් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිඟුරක්ගොඩ පරාක්‍රම ගොවි සමිතියේ ලේකම්වරයා ලබන 10 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(27) නියෝග කළේය. 1 year ago
අයි.එම්.එෆ් සමග සාකච්ඡාවට අපි සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 1 year ago
පක්ෂ කාර්යාලවලට මැකොගෙන් උපදෙසක් ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 1 year ago
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි. 1 year ago
දිලිත් රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවෙයි සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි. 1 year ago
කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරින් 2ක් අතුරුදන් කච්චතිව් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක්වූ ඉන්දීය බෝට්ටුවක සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු අතරින් දෙදෙනකු බේරාගත් බව ඇති බව නාවික හමුදාව පවසයි. 1 year ago
තරුණ තරුණියෝ 53 මුහුණු පොත සාදයක මීගමුව වෙරළ තීරයේ හෝටලයක් ආශ්‍රිතව ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි බව කියන විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියෝ 43 දෙනකු සමග හෙරොයින් , ගංජා සහ නීති විරෝධී දුම්වැටි සමග අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 1 year ago
තරඟ පාවාදෙන්න බලපෑම් කළැයි අත්හිටවූ සිරදඬුවම් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් ක්‍රිකට් කළමනාකරුට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය අද නියම කළාය. 1 year ago
පොළොන්තලාවේ ඉඩමක් ජෙෆ්රි බාවාට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
පියල් නිශාන්ත ආයතන හතරක වගකීම් අතහරියි ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ. 1 year ago
වරාය නගර නියෝග පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago