IMG-LOGO

දේශබන්ධුට පාතාලයෙන් තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු  තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක   කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන  විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙම තර්ජනය සම්බන්ධයෙන්   දේශබන්දු  තෙන්නකෝන් මහතාට මේ වන විටත් පොලිසිය මගින් අනතුරු හඟවා ඇතැයිද  දැන ගන්නට ඇත

උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් 29 දා දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසට ගොස් ඒ මහතා මුණගැසී  විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජි පානි ඉම්රන් නැමැත්තා  ඔහුගේ සමීපතම සගයන්ට ඔහුව  ඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී ඇති බව දන්වා ඇති බවට ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම බුද්ධි නිලධාරින්ද එම තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳ සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත මේන විටත් යොමු කර ඇතැයි ද  වැඩි දුරටත් දැනගන්නට ඇත.

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ තොරතුරු ඇතුළත් බුද්ධි අංශය මගින් වෙනම වාර්තාවක්ද පොලිස් මුලස්ථානය වෙත ලබා දී ඇති බවද  වාර්තාවේ.

 



අදහස් (13)

දේශබන්ධුට පාතාලයෙන් තර්ජන

pj Friday, 02 May 2025 09:57 AM

ඔය කියන පාතාල කල්ලි නායක තනතුර තියෙන්නෙ ජනාධිපති තනතුරටත් ඉහළින් ද...පෝය දෙකකට ගොඩක් වැඩියි දැන්....දේශබන්ධුට ටියුෂන් ගන්න කාලෙ හරි මගෙ හිතේ...

:       7       21

ජිල්බු Friday, 02 May 2025 03:40 PM

හොඳම යාලුවෝ අතර ප්‍රශ්නයක් මේක. ඒ අයම විසඳා ගනී...

:       2       10

කව්ද බෝයි Friday, 02 May 2025 09:58 AM

දෙමට ගොඩක් තියෙන පැත්තෙ රුවන් කුඩු මුදලාලි විසඳුමක් දේවි.

:       3       10

පොඩිඑකා Friday, 02 May 2025 10:15 AM

එහෙනං ඉතිං හොදම විසදුම ආයෙ රිමාන්ඩ් එකට දාන එක තමයි!

:       5       15

ගුණරත්න Friday, 02 May 2025 10:46 AM

ලංකාවේ පාතාලය විනාස කරලා දාන්න පුළුවන් කියල අභියෝග කරලා බලේට ආපු මහත්තයෙක් හිටිය, ඒ මහත්තයා කොමා එකකද ඉන්නේ?

:       11       15

ලූට මූස්Friday, 02 May 2025 12:29 PM

ගුණරත්න මහත්තයා තප්පුලන්නේ නැතුව ඉන්නකෝ.., ඡන්දේ දුන්නු අපිට අමාරුවක් නැත්නම් ඔහෙට ඇති රුදාව මොකක්ද? වැඩේ ක්‍රමේට සිද්ධ වෙනවා...! අපිට ඒ ඇති....

:       10       8

චූටිපුතාFriday, 02 May 2025 12:59 PM

මේ ගුණේ අංකල්, එයා නම් කොමා එක්ක නොවෙයි..., ඔයාලාගේ හැතිකරේට නම් සදාකාලික කෝමා තමයි..!

:       7       6

prasanna Friday, 02 May 2025 10:47 AM

ඕවා ප්ලෑන් කරන්නේ කංජිපානිට මුවාවෙලා???? රටම දන්නවා

:       4       14

PunkaLatha Friday, 02 May 2025 05:07 PM

කංජිපාණි ගොඩාක් ලොකු ඇති. මුවා වෙන්න තරම්...!

:       0       0

C.K.Lankaputhra Friday, 02 May 2025 11:04 AM

ආරක්ෂාව දෙන්නෙ කලබල වෙන්න එපා. ඇප කැන්සල් කරල රිමාන්ඩි කලා නම් හරි. ඔහොම තමයි පාතාලයෝ එක්ක එක පතේ කාපුවාම අන්තිමට විසිකරන කොන්ඩම් බවට පත්වෙනවා. අනේ මන්දා, ⁣මෙයාට ඉස්සරල හිටපු කිසිම පොලිස්පති වරයෙන් මේ වගේ කඩප්පුලි තතවයට පත් උනේ නෑ.

:       6       20

පිටිගල මිලානෝ Friday, 02 May 2025 11:29 AM

මං මේ බංකුවකුත් අරං බදුල්ලේ යන ගමන් ටියුෂන් ගන්න... කෝ මේ ඇමැති…?

:       12       3

PunkaLathaFriday, 02 May 2025 05:05 PM

අතරමගදි රනිල්ව මුණගැහුනොත් බැංකුව ඕනෑ වෙයි.

:       0       0

Perera Saturday, 03 May 2025 01:58 AM

තර්ජන තියෙනවා නම් එය අධිකරණයට දන්වන්න. එතකොට තමුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරාවි. ක්‍රමවේදය ඒකයි. නැතිව නඩුවක චූදිතයින්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාවත් දීලා බැකප් වාහන දෙන්නේ නෑ... ගමන් බිමන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site