IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව ඥාතීන් පවසයි.

 විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිවීම හා නවක වධයට විරුද්ධවීම හේතුවෙන්  නේවාසිකාගාරයට පැමිණ මෙම පහරදීම සිදුකළ බව 

(රෝහල් ගතව සිටින සිසුවා මෙසේ පැවසීය)

2025 04.29 වෙනි දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිව්වන වසරේ සහ තෙවන   වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් මා නවක වදයට විරුද්ධව කටයුතු කිරීම සහ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළ සැරිසැරීම  හේතුවෙන් මගේ බෝඩිමට පැමිණ පහර දීමක් සිදු කළා

සිසුන් 20ක පමණ පිරිසක් යතුරු පැදි වලින් පැමිණ හෙල්මට් වලින් මගේ හිස ප්‍රදේශයට සහ කොන්ද ප්‍රදේශයට දැඩි ලෙස පහර දුන්නා

මේ සම්බන්ධයෙන් මා හට උපරිම සාධාරණයක් කරන මෙන් මම ඉල්ලා සිටිනවා.



අදහස් (9)

නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා

මැක්ස් Friday, 02 May 2025 09:24 PM

මෙවන් කෲර මානසික තත්ත්වයක් පාදඩ තරුණයින් වෙත පොම්ප කළ ජවිපෙය සහ පෙරෙට්ටන්ට සාප වේවා!

:       0       0

pakeer Friday, 02 May 2025 09:50 PM

මේ වගේ කාලකණ්ණින්ව ජාතක කළ අයටත් හෙණ ගහනවා. මේ අය කොහොමද රටේ උගත් පිරිස කියලා කියන්නේ...? කාලකණ්ණි, මූසල හැත්ත ...

:       0       0

Shuman Saturday, 03 May 2025 12:36 AM

මෙව්වා තමයි එයාලා දන්නේ...!

:       0       0

Perera Saturday, 03 May 2025 02:36 AM

නවක වදයේ නියලෙන ඕනෑම ශිෂ්‍යයෙකුගේ "ශිෂ්‍ය භාවය" සදාතනිකව අහිමි කළානම්, ඕක නිකන්ම නැතිවෙලා යනවා. අද වෙනකම් නවක වදයට ලක් වූ කිසිම ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍ය භාවය සදාතනිකව අහිමි කළ බවක් අහන්න ලැබුණේ නෑ.

:       0       0

saagara Saturday, 03 May 2025 03:00 AM

ඔය 68 ලක්ෂේට පුදුම අමාරුවක්නේ තිබුනේ පුනරුදයකට යන්න. දැන් ඉතින් නවකවදය නීතිගත වුණා වගෙයි කියල‍ා හිතාගත්තාට කමක් නැහැ. ඔය වී විද්‍යාලයේ මීට වසර 24 කට උඩදී හිටිය නවක වදයට දැඩිව පහරදුන් කොන්ද පණ ඇති උපකුලපති වරයෙක්... අන්තිමට අල්ලාගෙන තනතුරෙන් පැන්නුව අය අද කොහෙද ඉන්නේ ?

:       0       0

nihal Saturday, 03 May 2025 05:52 AM

මේ කොල්ලට පහර දුන් සියලු අවජාතකයින් හිරේ දැමිය යුතුයි. ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයි.

:       0       0

Lakmal - Katunayaka Saturday, 03 May 2025 08:32 AM

මේ කුලහීන අඩුකුලේ අය නිසා ළමයින් විශ්ව විද්‍යාල වලට යවන්න බයයිනේ.. දරුවගේ ජීවිත ගැන හිතලා වෙනත් විකල්පයක් හොයාගන්න ඕනේ. උපාධියකට වඩා ළමයාගේ ජීවිතේ වටිනවනේ.

:       0       0

prasanna Saturday, 03 May 2025 03:53 PM

සරසවි පාතාලය පෝෂණය වන්නේ JVP සහ පෙරටු ගාමී අනුග්‍රහයෙන් . මේ රජය සංවර්ධනය කරන්නේ රට නොවේ..පාතාලය.

:       0       0

ගමේ එකාලා Saturday, 03 May 2025 07:41 PM

මහා පව්කාරයෝ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site