IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ  සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි  සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද (02) දා සවස පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය

මිය ගිය සිසුවා මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති දරුවා ඉකුත් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වුණා. 

මෙම සිද්ධිය පොලිසිය වාර්තා කළ පසු ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද කියන ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනාගෙන ඒ සඳහා ගනු ලබන  විනිය ක්‍රියාමාර්ග මා වෙත නිර්දේශ කරලා අවශ්‍ය වාර්තාව සපයන්න කියලා එම කමිටුවක් පත් කළේ.

මෙම කමිටුවෙි මුලික විමර්ශන වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙසට මා ලිපියක් මගින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඒ කමිටුව රැස්වෙලා අදාල කටයුතු කටයුතු කරන බවට මා වෙත වාර්තා වෙනවා.මෙි අතර පොලිසිය විසින් වෙනම විමර්ශනක් සිදු කරනවා. විශ්වවිද්‍යාල පනත අනුව විශේෂයෙන්ම නවක වඳය සමිබන්ද විභාග කරන්න පනතක් තිබෙනවා.ඒ පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි චක්‍රලේක අංක 946 නවක වදය පාලන කිරිමෙි පනත යටතේ ඒ සදහා ලබා දිය හැකි දඩුවම් මොනවද කියලා අප වෙත ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා.

ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනිමට කටයුතු කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .

 



අදහස් (7)

‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘

PGPTHILAK Saturday, 03 May 2025 04:59 AM

මෙම මරණයට හේතුව නවකවදය බව ස්තිරයි! එසේ නොවන්නේ නම් වූවත් සබරගමු සරසවියේ ඔය හිංසනය තියෙන බවත් එම ළමයා එයට ගොදුරු වුණු බවටත් සාක්ෂි තියෙනවා! මෙයාට අහිංසක ළමයින්ට ආරක්ෂාව සහතික කරන්න කොන්දක් නෑ! මෙයා ඔය තනතුරේ සිටියොත් වදකයන් තවදුරටත් රජකරනවා! එම නිසා කරුණාකර ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර වෙන රස්සාවක් හොයාගන්න!! නැතිනම් ආණ්ඩුව මෙවැනි නිවට උගතුන් වහාම එළවා දැමිය යුතුයි!!!

:       0       0

sakra Saturday, 03 May 2025 05:29 AM

අනේ මේ කරයි... මේ වනවිට කීදෙනෙක් මේ කාලකන්ණි නවක වදය නිසා මැරුණාද? කෝ මොනවාද ඒවාට කළේ? අඩුම තරමින් මේ තිරිසන්නුන්ගේ ගම්වල ඉන්න මිනිස්සුවත් මොවුන්ට හරි හමන් විදිහට සලකනවා නම් ආයේ පාරේ බැහැලා යන්න බැරි විදිහට අන්න මේවා යම් තාක් දුරකට පාලනය වේවි. සරසවි කියන්නේ අපේ රටේ ජාතික ධනය කාදමන තවත් සුදු අලි බවට පත්වෙලා. වී වී ආචාර්ය වරුන්ගෙන් බහුතරක්ම හොරු. මොකද ඔවුන් කරන පර්යේෂණ වලින් ඇති බහුතරයක්ම බොරු. සතියකට උගන්වන්නේ පැය කීයද? වැඩි වෙලාවක් මෙයාලා කරන්නේ බිස්නස් නැත්නම් දේශපාලනය. මෙහෙම සරසවි තියෙන්නේ ලංකාවේ විතරයි.

:       0       0

Hemantha Saturday, 03 May 2025 06:37 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ...

:       0       0

Deshabandu Saturday, 03 May 2025 09:27 AM

ඔබලා කමිටු දදා ඉන්නකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

:       0       0

randunu ranasinhaha Saturday, 03 May 2025 10:11 AM

ඊට කලින් සෙව්වන්දියි මිරිස්කුඩු ප්‍රසන්නවයි හොයලා ගත්තොත් නරකද ?

:       0       0

Kabeer Saturday, 03 May 2025 10:48 AM

මේ ඉහළ පෙළේ අය හැම විටම බලා සිටින්නේ ඔවුන්ගේ අකාර්යක්ෂමතාව සහ උදාසීනත්වය නිසා මෙම වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට යමෙකු මිය යන තුරුය. මේ රටේ සියලුම විශ්ව විද්‍යාලවල ඊනියා "අන්තරේ" හිරිහැරයට ලක්ව ඇත. නමුත් රජයන් ඇතුළු අදාළ සියලුම බලධාරීන්ට ඒවාට එරෙහිව නැගී සිටීමට කොන්දක් නැත. මෙය මෙවැනි පළමු සිදුවීම නොවන අතර මෑතකදී එම විශ්ව විද්‍යාලයේම එක් ගැහැණු ළමයෙකු මෙම ඊනියා රැග් එක නිසා සියදිවි නසා ගත්තාය. මෙම නවක වදය සම්පූර්ණයෙන්ම ඉහත කී අන්තරේගේ බලපෑම යටතේ සිදුවන අතර වත්මන් රජය පවා මෙම තරුණයාගේ මෙම ඛේදජනක මරණයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව කිසිදු පියවරක් නොගනී. හේතුව මෙම අන්තරේ සහ අනෙකුත් දේශපාලන වෘත්තීය සමිති මෙම රජයේ ලේ පරම්පරාවන් වීමයි.

:       0       0

sanath Saturday, 03 May 2025 02:52 PM

මේ චෝදනාවට අහු වෙලා ඉන්න උන්ව වෙන වරදක් පටවලා පන්ති තහනම් කරන්නත් සෙට් වෙනවා කියලා සෝෂල් මීඩියාවල යනවා. අපරාධකරුවෝ බේරාගන්න තමා හැමදේම දාගන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site