
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවටට ගෙන ඇත.
පැමිණිලිකරු වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ඉකුත් මස 28 වෙනි දින කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන එසේ භාරයට ගත් හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රුපියල් 3000/= ක් ඉල්ලා එකී මුදල රුපියල් 1500/= දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරු කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
Nimal 1 Saturday, 03 May 2025 04:45 AM
රාජ්‍ය සේවයේ සිටින අසමජ්ජාති කල්ලිය... ඔක්කොම රට හොරු...
Chinthaka Saturday, 03 May 2025 07:01 AM
ඕවා තමයි වෙන්න ඕනෑ, ඔක්කෝම අල්ලස් ගන්න එවුන් කොටු කරලා රස්සාව නැති කරවන්නම ඕනෑ...