IMG-LOGO

ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්

(ගයාන් සූරියආරච්චි)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

දැනට විදේශ රටක සැගවී සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමක් ඇති බව අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අතුරුගිරිය පොලිස් ස්ථනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකොන් මහතාගේ නිවෙසට ගොස් ඒ බව දන්වා තිබුණි.

දේශබන්දු තෙන්නකොන් මහතා විසින් සක්‍රීය සේවයේ සිටින වකවානුවේ පාතාල මර්දනයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවිධ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට කටයුතු කිරිමත් පාතාලය මැඩීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙසේ තර්ජනය එල්ලවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

දේශබන්දු තෙන්නකොන් මහතාට පවතින තර්ජන සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (1)

ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්

Perera Saturday, 03 May 2025 01:50 AM

තර්ජන තියෙන නඩුවක චූදිතයින්ව සාමාන්‍යෙයන් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇප පිට නිදහස් කරලා එහෙම අයට විශේෂ ආරක්ෂාවල් ලබාදෙන ක්‍රමවේදයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 695 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site