IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට

(පද්මසිරි ගාර්දියවසම් )

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .

කුඩාවැල්ල වාලුකාරාමය ඉදිරිපිට සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දකුණු කුඩාවැල්ල පදිංචි මුතුමාලගේ ආදිත්‍ය නමැති  නාකුලුගමුව මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහු තව මසකින් පමණ විදෙස් අධ්‍යාපනය ලැබීමට එක්සත් රාජධානිය  බලා යාමට සූදානම්ව සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය . 

සිසුවාගේ පියා බහුදින ධීවර යාත්‍රා හිමියෙකි. මාපියන් සහ සොහොයුරියන් දෙදෙනා අසල නිවසක උත්සවයකට ගොස් සිටියදී මෙම සසුවා ඔහුට අයත්  යතුරුපැදියේ නැගී කුඩාවැල්ලේ සිට මාවැල්ල දෙසට ගොස් ඇතැයි පොලිසිය කීවේය .

යතුරුපැදියේ අධික වේගය පාලනය කරගත නොහැකිව සිසුවා මාර්ගය මැද ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයිද පොලිසිය  කිවේය .



අදහස් (2)

යතුරුපැදි අනතුරින් සිසුවා මරුට

ගුණරත්න Friday, 02 May 2025 10:42 AM

එක මහත්තයෙක් මට කියල තියෙනවා බයික් එකේ ටොයිලට් එකට ගියත් හෙල්මට් එක දාගෙන යන්න කියල. දුකයි මේ පොඩි එකා ගැන, පවුලේ එකම කොල්ලා වගේ,

:       0       7

ලුම්බිණි Friday, 02 May 2025 11:02 AM

හරිම දුකයි . සුබ ගමන් දරුවා !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site