
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
ජනාධිපතිවරයා අනිද්දා (4) සිට 6 වැනි දා දක්වා වියට්නාම සංචාරයේ නිරත වීමට නියමිතය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතය.
තවද හෝ චි මිං නගරයේදී මැයි 6 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
එසේම, මෙම සංචාරයේදී ලංකා-වියට්නාම් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙති.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
Aruna Friday, 02 May 2025 10:10 PM
වැද්දන්ගෙනුත් බණ අහන්න වෙනවා..
Lilan Saturday, 03 May 2025 12:35 AM
නියම කෙනාව ප්‍රධාන ආරාධිත කරලා තියෙන්නේ...!
කව්ද බෝයි Saturday, 03 May 2025 12:52 AM
ෆෙරාරි සීයාට ආරාධනාවක් නැතෙයි...?
යෝගා Saturday, 03 May 2025 06:25 AM
කසිප්පු මුදලාලි කෙනෙකුට අමධ්‍යප ව්‍යාපාරයකට ආරාධනාළා වගේ. එතැන ගිහින් කියන්න වෙන්නෙත් පචයක්ම තමයි...
M.withanachchi Saturday, 03 May 2025 06:46 AM
ලෙක්චර් එක දෙන්නේ සිංහලෙන්ද? මොකද එයාට ඉංග්‍රීසි වලින් කතාව දෙන්න බැහැ...!
ramani perera Saturday, 03 May 2025 10:08 AM
අවුරුදු 76ක් තිස්සේ මේ දූපත සංවර්ධනය කරන්න නොදී කකුලෙන් ඇදලා දැමූ එවුන් යනවා මේ දූපතට වඩා අන්ත සරණ වෙලා ඉඳලා දියුණු වුණ වියට්නාමයට ආධාර ගන්න. රෙදි ඇඳගෙනද මේ දුවන්නේ කිහල්ලා
Asanga Saturday, 03 May 2025 10:27 AM
මෙයා බෞද්ධ විරෝදයෙක් කියලා දන්නෙ නැද්ද? මුල ඉදලම බෞද්ධයන්ට කුඩම්මගෙ සැලකිලි දුන්නේ
prasanna Saturday, 03 May 2025 05:00 PM
ඔයාගේ උත්සවයත් මහනුවර වගේ විශාකාවක් වේවි.
Upasika Saturday, 03 May 2025 10:49 PM
නිරාගමිකයන්ට මේකටත් වඩා හොඳ පාඩමක් තියෙනවාද!!