එල්නිනෝ මාලු අස්වැන්න ගිලියි එල්නිනෝ තත්වය සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදීයෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය. 07 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමින් දෙකක් මරුට කුරුවිට බන්ධනාගරයේ සිදුවුණු ගැටුමින් රැදෙවියන් දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 07 August 2026
අන්තර්ජාල හොර සූදු වෙබ් අඩවි 122 ක් තහනම් කරයි අවසර නොලද නීති විරෝධී අන්තර්ජාල සුදු වෙබ් අඩවි 122 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 06 August 2026
සත්ව සුබසාධන පනත ආවට ගියාට සම්මත කරන්නේ නෑ ආන්දෝලනයට තුඩු දී තිබෙන සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නේ අදාල පාර්ශ්ව සමග සාකච්ඡාවකින් අනතුරුව බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2026
සූදු කෙළින වෙබ් අඩවි 24ක් තහනම් අවසර නොලත් නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදී අවහිර කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 05 August 2026
හිටපු ඇමැති අකිල 18 තෙක් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයට බදවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය 05 August 2026
එජාප උප නායක අකිල අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 August 2026
එල් නිනෝ සමග එන මෝසම සැර වැඩි වේ එල් නිනෝ තත්වයත් සමග වර්ධනය වන නිරිත දිග මෝසම හේතුවෙන් මෙරට 250,000 ක ජනතාවක් දැඩි අවදානමට ලක්විය හැකි යැයි රජය ඇස්තමේන්තු කර ඇතැයි රතු කුරුස සංවිධානය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. 05 August 2026
වැස්ස හය දෙනෙක් බිලි ගනිති සබරගමුව පළාතට සහ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති තද වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් හය දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි. 04 August 2026
යුද්ධය නිසා ඉන්ධන ආනයනයට වැඩි පුර රුපියල් කෝටි 39දහසක වැය වෙලා ඇමෙරිකානු - ඉරාන යුද්ධය හේතුවෙන් මෙම වසරේ පළමු මාස හයේදී මෙරට ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් කෝටි 117 කින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 39,250 කින් පමණ) ඉහළ ගොස් ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 58.8 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 03 August 2026
කෝටි 42ක වාහන ආනයනය කරලා මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් කෝටි 125.4 ක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 41,971 ක් පමණ) වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 03 August 2026
මහර බන්ධනාගාරයට සෑහෙන්න හානි කරලා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි. 02 August 2026
‘‘ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන්නේ නෑ‘‘ ඇමෙරිකාව, ඉරානයට නව ප්‍රහාර එල්ල නොකරනු ඇති බවත් ඊශ්‍රායලයද ඉරානයට නව ප්‍රහාර එල්ල නොකරනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළේය. 02 August 2026
රාගම පැත්තකට පොලිස් ඇඳිරි නීතිය වාහාම ක්‍රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව උතුරු, කැන්දලියද්දපාළුව බටහිර සහ දඹුව යන ග්‍රාමසේවා වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතය පනවා ඇතැයි පොලිසිය දැනුම් දෙයි. 01 August 2026
බන්ධනාගාරය අවට යළි උණුසුම් මහර බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬක් ඇසීමත් මහර බන්ධනාගාර පරිශ්‍රය අවට රැඳි සිටින රැදවියන්ගේ ඥාතීන් සහ අවට පිරිස් පොලිස් මාර්ග බාධක කඩාගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එය සාර්ථකව ව්‍යාර්ථ කළ බව තොරතුරු වාර්තා වෙයි. 01 August 2026
බන්ධනාගාර ගැටුමින් අයෙක් මරුට මහර බන්ධනාගාරයේ අද සවස ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රඳවියන් 7 දෙනෙකුගෙන් එක් රැඳවියකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 01 August 2026
හේමසිරිට - පූජිතට එරෙහි සම්පූර්ණ තීන්දුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දඬුවම් ඊයේ (31) නියම කළේය. 01 August 2026
හිටපු පොලිස්පති පූජිතට මරණ දඬුවම ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණ දඬුවම් නියම කළේය. 31 July 2026
විනිසුරු විශ්‍රාම වයස අර්බුදය උඩු දුවයි: නීතිඥ සංගම් මතය ජනපතිට ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ක්ෂේත්රයේ මතුව ඇති අර්බුදය තවදුරටත් උඩු දුවන ලකුණු පහළ වෙමින් පවතී. 31 July 2026
‘‘හරක් කටා සී.අයි.ඩීයෙන් පැන යෑමට තැත් කළාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නඩු පවරන්න බෑ‘‘ රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද තීරණය කළේය. 30 July 2026
අවන්හලේ කලබල කළ සැරයන් දෙදෙනා ඇතුළු තිදෙනකුට වසර නවයක සිරදඬුවම් දෙහිවල ප්‍රදේශයේ අවන්හලක කළහාකාරී ලෙස හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයන්ට පහරදී අනර්ථය කිරීම සහ දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වු පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා වසර 09 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 30 July 2026
දඬුවමට එරෙහිව චමින්ද විජේසිරිගෙන් අභියාචනයක් පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදීම හා මරණීය තර්ජනය කිරීම යන චෝදනාවලට වැරදිකරු වී වසර එක හමාරක සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය නීතීඥයන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම් පතක් බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළේය. 29 July 2026
දෙවිනුවර කාවඩි නටන්න මීගමුවෙන් ආ තිදෙනක් කුඩු සමග මාට්ටු දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ආරම්භ වීමට පෙර කාවඩි පෙර මඩු බැසීමේ චාරිත්‍රයේ නිරත පුද්ගලයන් පරික්ෂා කිරිමේ දී ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය. 28 July 2026
‘‘මන්ත්‍රිවරුන්ට වරප්‍රසාදවලට මුවාවෙලා මැති සබේ කරන දේවල් එලියේදී කරන්න බැහැ‘‘ අයුතු අවහිරය , පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ යන චෝදනාවට වැරදිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක ලිහි සිරදඬුවමක් ඌව පළාත් බද බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා අද 28 දා නියම කළේය. 28 July 2026
දෙවිනුවර කාවාඩි තහනම ඉවතට ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ පසුගිය වසරේ කාවාඩි නර්තනයට සම්බන්ධවූ කාවාඩි කණ්ඩායමක් 45 කට මෙවරද පෙරහරට සහභාගිවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර ඇත. 27 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ දැඩි ලෙස උග්රවෙමින් පැවති ඇමෙරිකා - ඉරාන අර්බුදය යම් තරමකට ලිහිල් වීමේ ලකුණු පහළ වී තිබේ. 27 July 2026
දෙවිනුවර පෙරහරෙන් කාවඩි නවති දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසල මංගල්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති 06 වැනි පේලි පෙරහරේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර මහ දිසාපතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත. 26 July 2026
ආපන ශාලා හිමිකරුගේ ඝාතකයන් රණාලෙන් අල්ලයි බොරලැස්ගමුව බෙල්ලන්විල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු වෙඩි ප්‍රහාරයෙන් පැයකට පසු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. සි. ජයනාත් මහතා පවසයි. 26 July 2026
නිලධාරී රාජකාරි පැහැරහැරීම සයිබර් සොරකමට හේතුවෙලා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ. 25 July 2026
නාමල්ගේ මගුලට නොමිලේ විදුලිය ගත් නඩුව දෙසැම්බර් 4 විභාගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට නොමිලේ විදුලිය සැපයීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලද සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 24 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026