
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක් තව දුරටත් පාඩු ලබන බවත් තෙල් පිරිපහදුවෙන් සහ ගුවන්යානා තෙල් අළෙවිය ඇතුළු වෙනත් ලාභයන් හේතුවෙන් ඉන්ධනවලින් වන පාඩුව දරාගත හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය.
ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව දැනුවත් කිරීමට දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 528 ක පිරිවැයක් දැරුවද රුපියල් 392 කට අළෙවි කරන අතර ඩීසල් ලීටරයකට දෙන රුපියල් 70 ක රජයේ සහනාධාරය අඩු කළ පසු පාඩුව රුපියල් 66 ක් බවත් පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 446 ක් වුවද රුපියල් 414 කට අළෙවි කරන අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක පාඩුවක් ලබන බවත් රාජකරුණා මහතා කීය.
සුපිරි ඩීසල් ලීටරයක් වෙනුවෙන් සංස්ථාව රුපියල් 581 ක පිරිවැයක් දැරුව ද රුපියල් 53 ක පාඩුවක් මත රුපියල් 528 කට අළෙවි කරන බවත් ඉන්ධන ගැටලුව ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින ගැටලුවක් නෙව මෙය ලෝකයම මුහුණ දී සිටින ගැලුවක් බවත් ඒ මහතා කීය.
ලෝකය මේ වන විට මැදපෙරදිග යුද්ධය සහ යුක්රේන සහ රුසියාව අතර යුද්ධය යන යුද්ධයන් දෙකකට මුහුන දී සිටින බව කී රාජකරුණා මහතා ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල සියයට 91 කින් ඉහළ ගිය ද දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල සියයට 39.5 කින් ද, ලෝක පෙට්‍රල් මිල සියයට 80 කින් ඉහළ ගිය ද දේශීය මිල සියයට 41.3 කින් ද, පමණක් ඉහළ ගිය බව ද සඳහන් කළේය. ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට කිව්ආර් ක්‍රමවේදය හදුන්වා දුන්න ද පරිභෝජනය පාලනය වන්නේ මිල වැඩිවීම හරහා මත වන අතර ඉන්ධන මිල අඩු වන විට පරිභෝජනය ඉහළ යන බවත් පසුගිය පෙරවාරි මස මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ඩොලර් 69 ක පැවැති බොරතෙල් බැරලයක් මේ වන විට ඩොලර් 115 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
විදේශ සමාගම් ඉන්ධන සැපයුම සීමාකිරීමට පෙර ඉන්ධන සැපයුමෙන් සියයට 53 ක් එම සමාගම් දැරුව ද අද විට ඉන්ධන සැපයුමෙන් සියයට 80 ක් ඛනිජ තෙල් සංස්ථාව සපයන බවත් යුද්ධය ආරම්භ වීමට පෙර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සඳහා ඩොලර් මිලියන 100 ත් 200 ත් අතර පැවතිය ද මැයි මස වන විට එම වියදම ඩොලර් මිලියන 520 ක් දක්වා ඉහළ ගිය බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd