(ගයාන් සූරියආරච්චි)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සාමාන්‍ය සිරකරුවකු ලෙස සිරකරු අංකයක් ලබාදී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරුවීමෙන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය මගින් පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීමට සඳහා පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය.