(ගයාන් සූරියආරච්චි)

තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ නියෝග මත වරෙන්තු නිකුත් කර තිබියදී ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (3) තීනියාවල ප්‍ර දේශයේදී ඥානසාර හිමියෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.