ඊතල වැටුණුවැවේ ඤානතිලක හිමි තාවකාලික අටමස්ථානාධිපති ධුරයට අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයෙ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි සෑ වෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පත් කරනු ලැබ සිටිති. 30 May 2026
බුදු දහමේ හරයන් ජීවිත වලට එක් කරගන්න අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් දින පණිවිඩයෙන් පවසයි. 30 May 2026
ප්‍රවාහන ලේකම් මහාචාර්ය කපිල අස්වෙයි? ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 29 May 2026
අයි.එම්.එෆ් ණය යටතේ ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අර්මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අද මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 28 May 2026
සිරකරුවකුගේ අංකයක් දුරකතනයේ: මුජිබර්ගෙන් ප්‍රශ්න කරයි බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ සිරකරුවකු සමග දුරකතන සංවාදයේ යෙදුණු බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රවුමහාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 28 May 2026
චීන පාස්පෝට් ළඟ තබාගත් වැලිකඩ OIC අත්අඩංගුවට චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ආකාරයෙන් ළඟතබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින්අත්අඩංගුවට ගන්නා ලදී. 27 May 2026
’’අරවින්දගේ නිවසේ CCTV DVR වසර දෙකකට පෙර හොඳට වැඩ කළා’’ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ සී සී ටී වී දර්ශන පටිගත වූ ඩී වී ආර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවැති බවත්, වසර දෙකකට පෙර කැමරා පද්ධතිය අලුත් කිරීමේදී තමන් එය පරික්ෂා කළ බවත් ජයසිංහ මුදියන්සේලාගේ හේමන්ත සමන් කුමාර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් අද (26) පැවසීය. 26 May 2026
සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක තීන්දු ජුනි 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (26) දැනුම් දුන්නේය. 26 May 2026
අපනයන ආදායම සීග්‍ර වර්ධනයක් මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය. 25 May 2026
විමල්ට ඇප බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (25) දින නියෝග කළේය. 25 May 2026
විමල් අත්අඩංගුවට බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) දින තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත් අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 25 May 2026
රජය ණය සීමාව සීමා කරයි රත්තරන් උකසට තබා ණය ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 25 May 2026
මොලේ උණ ලෙඩ්ඩු 66 ට නගී මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්වය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි 23 May 2026
ඩොලරය ඉහළට:කෑම බඩුමුට්ටු මිල අහසට යයි! ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම (ඩොලරය ඉහළ යාම) හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම,විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු අගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. 23 May 2026
බදු ආදායම ට්‍රිලියනය පනී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච් ප්‍රනාන්දු මහතා පවසයි. 22 May 2026
බස්නාහිරට, සබගරමුවට, වයඹට ඉතා තද වැසි බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වඩා වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2026
වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය. 22 May 2026
ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය. 20 May 2026
‘‘කපිලගේ නිවසේ සහ මියගිය නිවසේ ආරක්ෂක දර්ශන ගබඩා වි නෑ‘‘ අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය. 19 May 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැලවේ: ගැසට්ටුව පිටවේ වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. 18 May 2026
රටේ තත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් රටේ අවදානම් සහගත තත්වයක් තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. 18 May 2026
විජයග්‍රහී සැමරුමට අද වසර 17යි තිස්වසරක කුරිරු යුද්දය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ. 18 May 2026
වත්කම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. 17 May 2026
වනවාසල දුම්රිය පාරේ ඇණ ගැලවූ තරුණයා මාට්ටු කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා පැවසීය. 16 May 2026
කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 16 May 2026
ප්‍රධාන මාර්ගයේ දුම්රිය පීලිපැනීමක් අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පීලි පැනීමට ලක් විය. 16 May 2026
රාජගිරියේදී කොටු වූ විදෙසිකයන් රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය. 15 May 2026
ගුරු සේවය වැඩිම වැටුප් ලබන රැකියා 10 අතරට ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 15 May 2026
පළාත් රැසකට අදත් තද වැසි ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පිහිටා ඇති අඩු පීඩන් කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 May 2026
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන් අත්අඩංගුවට ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය 14 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026