බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 19 April 2026
පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක් දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ආයතනයන කලමනාකරුවකු අනුරාධපුර පෙලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිස් සභාවට යොමු කළ පැමිණිල්ලකට වසර තුනකට පසුව ජාතික පොලිස් කොමිසම පිළිතුරු ලිපියක් අදාළ කලමානාකරුට එවා ඇත. 19 April 2026
මිදිගම නිවසකට වෙඩි මිදිගම, ගංගොඩගම , නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි . 19 April 2026
කුමාරගේ පුටුවට අනුර ? කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 18 April 2026
පෙට්‍රල් වාහන සඳහා QR යළි අද සිට ක්‍රියාත්මකයි පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ පැවැසීය. 18 April 2026
බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ. 17 April 2026
දැදුරුඔයේ ගිලිනු අට දෙනාම මරුට කොබෙයිගනේ ප්‍රදේශයෙන් දැදුරුඔයේ ඇඹලයාගම මංකඩේ දිය නෑමට ගිය පුද්ගලයන් අට දෙනාගේ සිරුරු අද දහවල්වන විට සොයාගත් බව පොලිසිය කියයි. 17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන අත්අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කස්ත්‍රිආරච්චි අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සැකපිට කොළඹ අපරාද කේට්ඨසය විසින් මීට සුළු වේලාවකට පෙර අත්තඅඩංගුවට ගනු ලැබීය. 16 April 2026
පරිගණක අපරාධකරුවෝ පිරිසක් ගුවන්තොටේදී මාට්ටු පරිගණක මූල්‍ය අපරාධ ( Cyber Crimes ) සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙක් සමග , රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 16 April 2026
අවුරුද්දෙන් පසු කන්තෝරු වැඩ මෙහෙමයි අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. 15 April 2026
සියලු සංවර්ධන සැලසුම් රටේ උරුමයට අනුවයි අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ රටේ උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2026
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයට සියල්ල සූදානම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මූලික කර ගනිමින් පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය අද දිනට යෙදී ඇත. 14 April 2026
ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක් හදිසි ගල් අඟුරු සැපයුමේදී අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 13 April 2026
තෙල් තව නැවක් කොළඹ වරායට විදුලි බලය නිපදවීමට භාවිතා කරන දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් (30000) රැගත් sea adventure නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරාය ඩොල්පින් ජැටියට පැමිණියේය. 13 April 2026
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි. 12 April 2026
‘‘ඉරානය න්‍යෂ්ඨික ප්රශ්නය සම්බන්ධයෙන් තවමත් කැපවීමක් නෑ‘‘ න්‍යෂ්ටික ප්රශ්නය සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් තවමත් කැපවීමක් දැකගත නොහැකි බව ඉරානය සමඟ සාකච්ඡා සඳහා නායකත්වය දෙන එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා පවසයි. 12 April 2026
ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 11 April 2026
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාදයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය. 10 April 2026
බාල ගල් අඟුරු විදුලි බිලට කෝටි 2500ක බරක් පටවලා බාල ගල් අඟුරු නිසා ජනතාවගේ විදුලි බිලට කෝටි 2500ක බරක් පටවා තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද ඇමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇත. 10 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නංවන්න අවසර පතයි විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත. 09 April 2026
ඉරානයට පහරදීම සති දෙකක් පස්සට හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන්, පැහැදිලි පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, පහර පිට පහර එල්ල කරමින්, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණු නමුත්, එම ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට ට්‍රම්ප් තීරණය කළේය. 08 April 2026
රූපවාහිනි හිටපු සභාපති සහ අධ්යක්ෂ රිමාන්ඩ් ’’කොන්ත්‍රාත් පදනම මත රියදුරු පත්වීම් ලබාදී ඇමතිතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන්න’’යනුවෙන් සටහන්කර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාට බඳවා ගත් සේවකයන් 06 දෙනකු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කාර්යාලයේ වැඩට යොදවා රජයට පාඩු කළේ යැයි එම සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු අධ්යක්ෂවරයා ලබන 17 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක මහතා අද නියෝග කළේය. 07 April 2026
බලපෑමට ලක් වූ කණ්ඩායම්වලට සහන පැකේජයක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්විය හැකි කාණ්ඩ සඳහා විශේෂ සහන පැකේජයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත්, ජනාධිපතිවරයා එය අද දහවල් මැතිසබයේදී ප්‍රකාශ කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය. 07 April 2026
රජයේ බදාදා නිවාඩුව අවලංගුයි සතියේ සෑම බදාදා දිනකම ලබා දී තිබූ රජයේ නිවාඩුව ලබන බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. 06 April 2026
සලේගෙන් රිට් පෙත්සමක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තමා රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. 06 April 2026
පොලිස්පති අනවශ්‍ය වීදි ලාම්පු ගණන් කරයි ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇත. 06 April 2026
ලිට්රෝ ගෑස් මිල ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දැමූ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (5) නිවේදනය කළේය. 05 April 2026
‘‘11 සිට දින හතරක් කොළඹට වතුර කපන්නේ නෑ‘‘ අප්‍රේල් 11, 12, 13, 14, යන දිනවල උත්සවය සමය නිසා කිසිදු බිඳ වැටීමකින් තොරව ජලය සපයන බව, ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය. 05 April 2026
එකලස් කළ වාහන 20ක් සමග තුනක් මාට්ටු නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී නවීනතම රථ ඇතුළු රථ වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 04 April 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026