
(රන්ජන් කටුගම්පොල)
22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශව 21 ක් අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර ඇත.
විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, තරුණ නීතීඥ සංගමය, අලුතින් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නිදහස් නීතීඥ සංවිධානයේ සභාපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, මහාචාර්්‍ය ජී.එල්. පීරීස්, සමගි ජන බලවේගය, සර්වජන බලය, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලෙකම් දුමින්ද නාගමුව, මිලින්ද රාජපක්‍ෂ මහත්වරුන් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
ගොනුකොට ඇති පෙත්සම් වල මෙසේ සඳහන් කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතේ දෙවැනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාද දීර්ඝ කරන බවට කරුණු දක්වා ඇත.
ඊට අමතරව මේ පනත් කෙටුම්පතේ තුන්වෙනි ඡේදයේ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කරන බවද දක්වා ඇත.
මෙම වගන්ති දෙක මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd