
(විමුක්ති එස් රුද්‍රිගු)
වර්තමානයේ පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්වය ඉතිහාසයේ වාර්තා වූ ප්රබලතම එල් නිනෝ තත්වය විය හැකි බව බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව අද අනතුරු ඇඟවූවේය.
එල් නිනෝ තත්වය ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන බවත් දැඩි කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී තිබූ ඉහළම ගෝලීය උණුසුම ලබන වසරේදී වාර්තා වීමට ඉහළ හැකියාවක් තිබෙන බවද බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ලෝකය පුරා දේශගුණික රටාවන්ට එල් නිනෝ තත්වය දැනටමත් බලපෑම් එල්ල කර ඇති බවට පැහැදිලි සාක්ෂි පෙනෙන්නට තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන්දියාවේ මෝසම් වැස්ස සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවී ඇති බවත් අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටුවල ප්‍රබලත්වය එල් නිනෝ තත්වය හේතුවෙන් අඩුවී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
බ්‍රිතාන්‍යයටද එල් නිනෝ තත්වය දැඩි බලපෑමක් කරනු ඇති බවත් බ්‍රිතාන්‍යයටද දැඩි උෂ්ණත්වයට මෙන්ම වැස්සටද මුහුණ දීමට සිදුවනු ඇති බවත් එරට කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd