
(යොහාන් භාසුර)
‘එල්නිනෝ’ තත්වයේ බලපෑම මත ඉදිරියේදී මෙරට අඛණ්ඩව විදුලිය සැපයුමට ගැටලුවක් ඇතිවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට ඇති අවදානමට පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ප්‍රභවයන් හරහා විසඳුම් සොයමින් සිටින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා අද පැවසීය.
පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ගෙන් මිලදී ගන්නා විදුලියට ගෙවන ගාස්තු පිළිබඳව නිලවශයෙන් දැනුම්දීම වෙනුවෙන් කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.
‘එල්නිනෝ’ තත්වයේ හමුවේ විදුලිය ඉල්ලුමේ ඉහළ යෑමක් සිදුවිය හැකි අතර එසේම එහි බලපෑමෙන් ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණයේ අඩුවක් ද වියහැකි බවත් එම සියලුම දේවල් සැළකිල්ලට ගත්විට සාමාන්‍යයෙන් මෙගාවොට් 450 ක පමණ බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇතිවිය හැකි බවත් මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා කීය.
මෙම තත්වය හමුවේ මෙරට අඛණ්ඩව විදුලිය සැපයීමේ ගැටලුවක් ඇතිවේ යැයි පුරෝකථනය කර ඇති බව කී චන්ද්‍රලාල් මහතා එම තත්වය හැකි උපරිමයෙන් මඟහරවාගැනීමට පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ප්‍රභවයන් යොදැගනීමට සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය.
පුනර්ජනනීය විදුලි ‘පෝෂක ගාස්තු ක්‍රමය’ හදුන්වාදීම තුළින් මූලික වශයෙන් එම ප්‍රශ්නයට විසඳමක් ලැබෙ යැයි අපේක්‍ෂා කරන බවත් හැකි ඉක්මණින් පුනර්ජනීය බලශක්තිය ලබාගැනීමට උත්සහ කරන බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd