පූජිත්ට-හේමසිරිට එරෙහි පරීක්ෂණ අවසන්
පාස්කු ඉරු දින ප්රහාරය වළක්වා නොගැනීමට ක්රියා නොකර, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කළ පරීක්ෂණ කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(23) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ, කොළඹ ප්රධාන මහේස්ත්රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු දක්වා සිටියේය.