
(අමදෝරු අමරජිව)
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය වන තිරියාය ගිරිහඩු සෑ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය ප්‍රදේශයෙන් ඇතුළු වු එක්තරා හිමිනමක් ජේ.සි.බි. යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වන විනාශයක් සිදුකරන බව ගිරිහඩු සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදි දෙවිනුවර චන්දිම නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.
වන විනාශය සිදු කරමින් පුරාවිද්‍ය කණු සිටුවමින් ඉඩම් කොල්ලයේ යෙදෙමින් තම පුදබිමට අයත් ඉඩමේ මේ වන විට ආරණ්‍ය සේනාසන දෙකක් ඉදිකරමින් පවතින බවත් විහාරාධිපති හිමියෝ පෙන්වා දුන්හ.
මේ වනවිට ජි.පි.එස්.තාක්ෂණය භාවිතා කරමින් මුලික දළ මැනුමෙන් පුදබිමට අක්කර 3059 ක් හිමිව තිබෙනවා. එහෙම තියෙද්දී තමන්ගේ නමට ඇති ජේ.සි.බි යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මේ වන විනාශය කරන්නේ.මේ සම්බන්ධයෙන් මෙය සොයා බලා නවත්වන්න කියලා ජනාධිපතිට ආණ්ඩුකාර තුමියටයි ලිඛිත දැනුම් දිමක් කළා.ඊට අමතරව පොලිසියේ පැමිණිල්ලක් දාලා තියනවා යැයි විහාරාධිපති හිමියෝ පැවසුහ.
එම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුල්මුඩේ අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ උතුරු නැගෙනහිර හා තමන්කඩුව දෙපලාතේ සංඝනායක හිමියෝ චෝදනා සත්‍යයෙන් තොර බව පැවසූහ.
ගිරිහඩු සෑ පුදබිමට අයත් ඉඩම් මම අල්ලලා නැහැ. වන විනාශයක් සිදු කරලත් නැහැ. පුරාවිද්‍යා මායිම් කණු මම හිටවලත් නැහැ. පද්මරාජ පබ්බත හා සත්ව රාජ පබ්බත කියන ආරණ්‍ය සේනාසන දෙක තියෙන්නේ මේ පුදබිමට අයත් භූමියෙන් පිට. මේ ආරණ්‍ය සේනාසන වලට ඉඩම් මනිද්දි මුල් මැනුමක් කරලා තියනවා නම් දෙවැනි මැනුමේදී සොයා ගන්න පුලුවන්. මට අයිති ජේ.සි.බි.යන්ත්‍රයක් නැහැ. මුල් කාලයේ අරිසිමලේ පාරවල් සකස් කරන්න මගේ ඥාති සහෝදරයෙක් ජේ.සි.බි.යන්ත්‍රයක් ගෙනත් පන්සලේ කාලයක් තිබ්බා. දිරලා යන නිසා එයා ඇවිත් විකුණලා ගියා. හාමුදුරුවරු භේද වන්න හොද නැති නිසා මම කියන්නේ ඉඩම් මැනිම් කරලා තියන ආකාරය ප්‍රාදේශිය ලේකම්ගෙන්, ඉඩම් කොමසාරිස්ගෙන් පුරාවිද්‍යාවෙන් අහලා නිවැරදි කර ගත්තොත් හොද යැයි කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පැවසුවේ යාංඔය ප්‍රදේශය පුරාවිද්‍යා නටබුන් හමුවු ස්ථානයක් පත්මරාජ පබ්බත යනුවෙන් ගැසට් කිරිමට පුරාවිද්‍යා මායිම් කණු සිටවු බවත් වන විනාශයක් සිදුවි ඇති බව තමන්ටද නිරික්ෂණ වු බවත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නිවන්මග පෙන්නලා හාමදුරුවරු කොයි මගද යන්න හදන්නේ.
ථෙරවාද විනය පිටකය කියවු මා වැන්නෙකුට දැනෙන ආකාරයට මේවා පත්තරයක දමන්න තරම් පුවත් නම් නොවේ, අනික සිංහල බුදු සමය හා දේපල අයිතිය ඉතිහාසයෙන්ම භික්ෂුන්ට පවරාතිබීම ම මෙවන් ගැටලු නිර්මණයට හෙතුවී ඇත,
සියල්ල අතහරින්නැයි කියමින් ගිහියන්ට උපදෙස් දෙමින් ඔබ වහන්සේලා මේ බදා ගන්නේ ඇයි හිමි වරුනි. ආරන්‍ය සේනාසනයක් ඉදිකිරීම සදහා නම් ඔය කටයුතු කරන්නේ ඊට අනුග්‍රහය ලබාදීම නේද කරන්න ඕන.
ඔහොම යනකොට බුදුසසුන බැබලෙයි නියමෙට.
අත්හරින්න කියලා ඇවිත් පුජාභූමි වලට මරාගන්නවානේ
මේ අයද අපිට සියලුදේ අතහරින්න කියන්නේ..?
බුදුන් වහන්සේ දේශනාකළ උතුම් ධර්මයේ සංක්ෂිප්තය " ඇලීමෙන් වලකින්න ,අත හැරීමට පුරුදුවෙන්න, ..." යන්නයි.