(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙකු අද (5) කොරෝනා වයිරස ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.
මේ අතර වෛද්‍යවරයෙක් , කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් රෝගීන් හා රෝගින් බලාගැනීමට සිටි 29 දෙනෙක් වෙති.
මීට පෙර ඉකුත් 2 වනදා මේ වාට්ටුවේ හෙදියක් ආසාදිතයෙන් බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු හා රෝගයෙක් ආසාදිතයින් බව ඊයේ (4) හඳුනා ගැණිනි.
මේ තත්වය මත සිදුකළ පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙකු මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .
මේ හේතුවෙන් පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගනු ලැබීය.
රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියළු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවද දැනගන්නට ඇත.


COMMENTS
මෙතන එන්නත ගත් 7 දෙනෙකුම ආසාධිත වෙලානේ... බලනකොට ධම්මික පැණිය තරමටවත් සාර්ථක නැද්ද? තෝරාගත් කණ්ඩායමකට හෝ දෙවන මාත්‍රාව ද හැකි ඉක්මණින් ලබා දී, සාර්ථකත්වයක් ඇත්දැයි තහවුරු කර ගැනීම ඉතා වැදගත්... එන්නත ලබා ගැනීමේ පහසුව හෝ නොමිලේ යම් ප්‍රමාණයක් ලැබීම පමණක් සලකා, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා දීම එතරම් සුදුසුද?
මිනිස්සු මැරෙන්නේ කොරෝනා හින්දා නෙමෙයි. මේ අනවශ්‍ය බිය හින්දා කරන ගොං වැඩ හින්දා. ලෙඩකට බේතක් ගන්න නෑ. ඔන්ලයින් හින්දා දරුවො පිස්සො වෙලා. ගෙවල් වලට හිරවෙලා අරක්කු බොන එකෙන් ගෙදරම මිනිස්සු ගහ මරා ගන්නවා.