IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දූෂණ - වංචා සෙවීමේ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් පරිපාලන ආණ්ඩුව සමයේ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොම්ෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) රාත්‍රී පැවැති කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීම සඳහා පත්කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණි.



අදහස් (11)

දූෂණ - වංචා සෙවීමේ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට

විපරමා Monday, 01 March 2021 05:09 PM

මේවාට දෙකොනින්ම හිනායනවා. දූෂණ, වංචා, කරපු අය ඔය ඕනෑතරම් ඉන්නේ....

:       1       1

Lanka Monday, 01 March 2021 05:19 PM

බොරු වැඩ නොකර ඉන්න.

:       1       1

සිරිබිරි Monday, 01 March 2021 05:35 PM

අරයා, ඔය කියන කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්න තවත් කොමිසමක් දාවි....

:       1       1

ranjith Monday, 01 March 2021 11:06 PM

මේවට කරන වියදම්වලින් ජනතාවට ලැබෙන සේවය මොකක්ද?

:       1       1

Ruhunu Monday, 01 March 2021 11:06 PM

ඔය වගේම දැන් තියෙන රජයේත් සිදුවන දූෂණ, වංචා ගැනත් හොයලා බැලුවා නම් නේද හොඳ? ඊළඟ රජයට හොයන්න ඉතුරු කරන්නේ නැතිව..

:       1       1

Perera Tuesday, 02 March 2021 02:12 AM

ඔය වාර්තාවේ පාර්ලිමේන්තුව වහලා ඒකේ ඉන්න ජනතා නියෝජිතයන් 225ට වංචා, දූෂණ, අපරාධවලට නඩු දාන්න කියලා ඇති නේද?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 05:47 AM

හොරකම, වංචාව, දූෂණය කවුරු කරත් එකයි. ඒවාට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ඒත්... ඇයි පසුගිය රජය ගැන විතරක් පේන්නේ. ඊට කලින් පැවති රජය කාලයේ සිදුවූ හොර, මැරකම් හා දූෂණ වංචාවලින් නැතිවුනේ මේ රටේ දේවල් නෙමෙයිද? ඇයි ඒ ගැනත් හොයන්නම ඕනෑ නේද? කොටින්ගේ රත්තරන්... කේ.පී. ගෙන් ගත්තු කොටින්ගේ මුදල් ... මේ වගේ කොච්චර දේ ගැන හොයන්න තියෙනවද? ඒවත් හොයමුකෝ..? ඇයි අර එක්සත් ජාතීන්ගේ කට්ටිය තහනම් කරන්න යෝජනා කරපු පිටරට තියෙන මුදල් සංචිත ගැනත් හොයමුකෝ...? ඇයි ඒ ගැන මොනවත් නොදන්නවා වගේ ඉන්නේ. අඩුම තරමේ එහෙම මුදල් සංචිත අපේ නැහැ කියලවත් කිව්වේ නැහැනේ. ඒවත් හොයමුකෝ... ඔට්ටුයි ඒවා ගැන හොයන්නේ නැහැ.. ඔන්න හෙව්වොත් කපනවා කන... අම්මපා...!!! 

:       2       4

fairoosTuesday, 02 March 2021 09:49 AM

වෙලා තියෙන්නේ අපේ අයට ඡන්ද කාලෙදී මේවා අමතක වෙන එකයි. නැතිනම් ආපහු මේ අයම කොහොම දින්නද?

:       2       2

Demuni Uduwara Tuesday, 02 March 2021 01:00 PM

රාජපක්ෂලා කැඩපත ඉස්සරහට ගිහින් බැලුවොත් පෙනේවි කවුද හොරු කියලා...

:       2       2

කපුරු හාමි Tuesday, 02 March 2021 03:46 PM

මොන වාර්තාවල්ද?. ලෝකේ කාපු පට්ට හොරු සෙට් එකම ඉන්නෙත් දියවන්නාවේනේ...

:       1       2

susil Wednesday, 03 March 2021 07:47 AM

දූෂණ, වංචා කොමිසමට කියන තවත් නමක් තමයි ‘‘විනෝද සමය‘‘

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site