IMG-LOGO

තහනම් ආහාර බහාලුම් තුළ සඟවා ගෙන එයි

(මහින්ද නිශ්ශංක)
 
මෙරටට ආනයනය කිරීම රජය මඟින් තහනම් කර ඇති කව්පි, මුංඇට, උඳු, කුරහන් සහ කහ නීත්‍යනුකූලව මෙරටට ගෙනෙන අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුළ සගවා නීතීවිරෝධී ලෙස ගෙන්වන ජාවාරම් පිළිබඳව රේගුව මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ආනයන කිරීම තහනම් මෙම ආහාර ද්‍රව්‍ය අධික මිලට විකිණීම සඳහා ආනයනයකරුවන් විසින් ඒවා හොර රහසේ ගෙන්වන බවට තොරතුරු හෙළී වී තිබේ.

අල, ලූණු, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය තුළ සඟවා ගෙන්වන ලද කව්පි, උඳු, කුරහන්, මුංඇට සහ කහ කන්ටේනර් 15ක් පමණ පසුගිය කාලය තුළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන මෙම ආහාර ද්‍රව්‍ය ආපසු අපනයනය කරන ලෙස රේගුව මඟින් ආනයනයකරුවන්ට නියෝග කර තිබේ.

මෙරටට ගෙන්වන මෙම තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීතීවිරෝධී ලෙස ගෙන්වීටම් ජාවාරම අනාවරණය වීමත් සමඟ මෙරටට ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගුව පියවර ගෙන ඇත.

මේ අතරපිටකොටුව තොග වෙළඳ පොළේ මේ වන විට කව්පි කිලෝවක තොග මිල රුපියල් 600/- දක්වාද මුංඇට කිලෝවක තොග මිල රුපියල් 750/- දක්වාද ශූද්ධ කළ උඳු කිලෝවක තොග මිල රුපියල් 1600/- දක්වාද කරහන් කිලෝවක තොග මිල රුපියල් 600/- දක්වාද ඉහළ ගොස් ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

තහනම් ආහාර බහාලුම් තුළ සඟවා ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site