IMG-LOGO

වැඩබිම් වලට අමුද්‍රව්‍ය යවන්න මිලියන 450 යි : ආදායම මිලියන 150 යි

(දයාසිලී ලියනගේ)

 

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩ බිම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය යැවීමට අවශ්‍ය මුදල් නොතිබීම නිසා එම අමුද්‍රව්‍ය වැඩබිම් වල කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

 

මේ තත්ත්වය නිසා වැඩබිම් වලින් ලැබෙන ආදායම ද නිසි ලෙස නොලැබෙන බැවින් සේවක වැටුප් ගෙවීම ද දින ගණනාවක් ප්‍රමාද වී ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සඳහන් කරයි.

 

පසුගිය කාලය පුරාම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වැටුප් ගෙවා ඇත්තේ දින කීපයක් ප්‍රමාද වූ බවද වාර්තා වේ.

 

වැටුප හා ජීවන අංක දීමනාව හැර අනෙකුත් කිසිම දීමනාවක් නොදුන් බවද ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සඳහන් කරයි.

 

සාමාන්‍යයෙන් සෑම මසකම 25 වැනිදා වන විට වැටුප ගෙවිය යුතු වුවත් මෑතකදී සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයන්ට වුවත් වැටුප ගෙවා ඇත්තේ ඊළඟ මාසයේ මුල සතියේ බවද දැනගන්නට ඇත.

 

සේවක වැටුප සඳහා මාසයකදී රුපියල් මිලියන 150 ක පමණ මුදලක් වැය වන අතර වැඩ බිම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට මිලියන 400 ක් 450 ක් අතර ප්‍රමාණයක් වැය වෙයි.

 

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රජයේ ඉදිකිරිම් හිමිවිය යුතුව ඇතත් පසුගිය කාලය පුරාම එම අවස්ථාව නිසි ලෙස හිමිවී නැති බවද සේවක සංගමය කියයි.



අදහස් (5)

වැඩබිම් වලට අමුද්‍රව්‍ය යවන්න මිලියන 450 යි : ආදායම මිලියන 150 යි

DAMITH Thursday, 04 March 2021 06:28 AM

ගිය ආණ්ඩුවල එහෙම වුණත් මේ ආණ්ඩුවේ එහෙම වෙන්නේ නෑ..

:       4       7

diyanath Thursday, 04 March 2021 07:17 AM

සර්.., මේ දවස්වල ගමේ වැඩ නගරෙට ආවාම අපිවත් කියන්නම්...

:       2       8

කරුණාජීව Thursday, 04 March 2021 08:23 AM

2000 වර්ෂය පමණ වනතුරු, ඉංජිනේරු සංස්ථාවට ඉදිකිරීම් කොන්ත්‍රාත් වැඩ තිබුණා. ඉස්සර රජයේ ඉදිකිරීම් වැඩිපුර කෙරුවේ සංස්ථාව. Pilling section එකට ගොඩක් වැඩ තිබුණා. දැන් එහෙම එකක් තියෙනවද කියා දන්නෙත් නැහැ. ඉතින් පාඩු නොලබයිද?. රජය අවධානය යොමුකරන්නේ පෞද්ගලික අංශය නගාසිටුවීමට මිස රට නගා සිටුවීමට නොවේ. ඒකයි රජයේ ආයතන පිරිහෙන්නේ...

:       3       6

Athula kThursday, 04 March 2021 02:52 PM

මාස 03ක කොන්තරාත් සීමා කාලය අවුරුද්දක් ඇදගෙන යනකොට ඔය දේ වෙනවා. මාලිගාවත්තේ ෆිලින්ග් සෙක්ෂන් එකේ හිටපු අයත් දන්නවා... මමත් ඒ ක්ෂේත්‍රයේ හිටපු නිසා..

:       0       5

Upul Friday, 05 March 2021 01:34 AM

සර් උන්නා නම් ඔහොම වෙන්නේ නෑ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site