
(බී.ජානක)
කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අද (6) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය කියයි.
මොහු මෙම ජාවාරම එන්නත් ලබාදීම ආරම්භ කල මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
මෙම ජාවාරම වැටලීම අද (06) බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ තොරතුරු මත මරදාන පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සැකකරු මුදල් ලබා ගන්නා අවස්ථාවේදි මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
අත් අඩංගුවට පත් වන අවස්ථාවේදී මෙම සැකකරු සන්තකයේ තිබී එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද රුපියල් 20000ක පමණ මුදලක් තිබී හමුවී ඇත
2025 දෙසැම්බර් මස 18
692
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා එන්නතෙන් 1000 ක ගරානාවක්
Aziz Saturday, 06 March 2021 04:14 PM
පුදුම වෙන්න දෙයක් නැහැ.
Raveendra Sunday, 07 March 2021 02:04 AM
මෙම "නිවට පාහරයාට" නමක් නොමැතිද? නම කාර්යාල කාර්ය සහායකද? මෙය තනියම කළ නොහැක.. අභ්‍යන්තරයෙන් තවත් නිවටයන් මෙයට දායකත්වය සපයනවා විය හැකියි.
SL Sunday, 07 March 2021 02:21 AM
කරුණාකර නම් ගම් ඡායාරූප ප්‍රසිද්ධ කරන්න. මේ රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි ගෙවන්නේ ඔවුන්ගෙන් කෙරෙන්න ඕනේ සේවයට. එය අමතක කර මෙවැනි අයගේ දරුවන්ට කවන්න, උගන්වන්න මහජනයාගෙන් කප්පම් ඉල්ලීම්වලට සාධාරණ දඬුවම් ලැබිය යුතුයි.
රට වැසියා Sunday, 07 March 2021 06:34 AM
කොරෝනා රේස් එකෙනුත් අපි පරාදයි! - රටක්, ජාතියක් විදියට අපි ෆේල් නේද? - අනිත් රටවල් දිහා බලලාවත් අපි හැදෙමුද?
Prase Sunday, 07 March 2021 07:23 AM
සෞඛ්‍ය ඇමැතිට කොන්දක් තිබේ නම් ජොබ් එකෙන් අයින් කරලා, ජොබ් එකක් නැති හොඳ මනුස්සයෙක් දාන්න. කාලය නාස්ති නොකර...
Rata Perata Sunday, 07 March 2021 08:37 AM
කොරෝනාවෙන් ගරන එක රටේ මහ එකාගේ ඉඳලා තියෙනවා. හැමදාම ඉතින් ලොක්කෝ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පොඩි එකෙක් අල්ලගෙන මහා ප්‍රසිද්ධියක් දෙනවා. කොවිඩ් අරමුදල් කියලා සල්ලි එකතු කළා බිලියන ගාණක්... ඒක ගැන දැන් කතාවක් වත් නැහැ. ඒත් බෙහෙත් පිටරටවල්වලින් පිනට දෙනකම් ඉන්නවා. මේ වගේ අසාර්ථක පාලනයක් කවදාවත්ම තිබුණේ නැහැ.
sampath Monday, 08 March 2021 04:18 PM
විජයගේ පරම්පරාවේ ලොකු, පොඩි, සැම එකම විදිහයි... ජාන කියන ඒවා හරිම පුදුමයි...