
(බී.ජානක)
කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අද (6) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය කියයි.
මොහු මෙම ජාවාරම එන්නත් ලබාදීම ආරම්භ කල මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
මෙම ජාවාරම වැටලීම අද (06) බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ තොරතුරු මත මරදාන පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සැකකරු මුදල් ලබා ගන්නා අවස්ථාවේදි මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
අත් අඩංගුවට පත් වන අවස්ථාවේදී මෙම සැකකරු සන්තකයේ තිබී එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද රුපියල් 20000ක පමණ මුදලක් තිබී හමුවී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ.
මෙම "නිවට පාහරයාට" නමක් නොමැතිද? නම කාර්යාල කාර්ය සහායකද? මෙය තනියම කළ නොහැක.. අභ්‍යන්තරයෙන් තවත් නිවටයන් මෙයට දායකත්වය සපයනවා විය හැකියි.
කරුණාකර නම් ගම් ඡායාරූප ප්‍රසිද්ධ කරන්න. මේ රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි ගෙවන්නේ ඔවුන්ගෙන් කෙරෙන්න ඕනේ සේවයට. එය අමතක කර මෙවැනි අයගේ දරුවන්ට කවන්න, උගන්වන්න මහජනයාගෙන් කප්පම් ඉල්ලීම්වලට සාධාරණ දඬුවම් ලැබිය යුතුයි.
කොරෝනා රේස් එකෙනුත් අපි පරාදයි! - රටක්, ජාතියක් විදියට අපි ෆේල් නේද? - අනිත් රටවල් දිහා බලලාවත් අපි හැදෙමුද?
සෞඛ්‍ය ඇමැතිට කොන්දක් තිබේ නම් ජොබ් එකෙන් අයින් කරලා, ජොබ් එකක් නැති හොඳ මනුස්සයෙක් දාන්න. කාලය නාස්ති නොකර...
කොරෝනාවෙන් ගරන එක රටේ මහ එකාගේ ඉඳලා තියෙනවා. හැමදාම ඉතින් ලොක්කෝ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පොඩි එකෙක් අල්ලගෙන මහා ප්‍රසිද්ධියක් දෙනවා. කොවිඩ් අරමුදල් කියලා සල්ලි එකතු කළා බිලියන ගාණක්... ඒක ගැන දැන් කතාවක් වත් නැහැ. ඒත් බෙහෙත් පිටරටවල්වලින් පිනට දෙනකම් ඉන්නවා. මේ වගේ අසාර්ථක පාලනයක් කවදාවත්ම තිබුණේ නැහැ.
විජයගේ පරම්පරාවේ ලොකු, පොඩි, සැම එකම විදිහයි... ජාන කියන ඒවා හරිම පුදුමයි...