
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
නක්ල්ස් රක්‍ෂිතය ආශ්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ නකල්ස් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල තුළ එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකවකින් පසු රත්නපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වෙළඳපොලේ එනසාල් කිලෝවක සිල්ලර මිල රුපියල් 20,000 ඉක්මවා ඇත. එනසාල් ආනයනය නොකිරිමත් රටතුල එනසාල් නිෂ්පාදනය අඩුවිමත් නිසා මෙසේ මිල 150%කින් පමණ ඉහළ ගොස් තිබේ.
එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත.
මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දි සහන ඉල්ලා සිටියේය. එසේම තමන්ගේ ප්‍රධාන ආර්ථික වැවිල්ලක් වු ගම්මිරිස් සඳහා ද නිසි මිලක් මෙන්ම වැඩි අස්වනු ඇති ප්‍රභේද සහ වගා සහන ඉල්ලා සිටියේය.
ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.
මීමුරේ අවට ඒ ගම්වැසියන් මීට පෙර එනසාල් වගා කළ සහ අස්වනු නෙලු දැනට නක්ල්ස් රක්‍ෂිතයට අයත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිතවලට ඇතුළු වී එනසාල් අස්වනු නෙලීමටත්, වනාන්තරයට හානි නොවන අන්දමින් එනසාල් වගාව රක්‍ෂිත තුළ සිදුකිරිමටත් එකඟත්වයකට පැමිණි බවද ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා කීවේය.
ඒ සඳහා එනසාල් පැල ලබාදීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකඟවූ බවද සඳහන් කළේය. මේ අවසරය මීමුරේ ජනතාවට මිස වෙනත් ප්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවිමට අවසරයක් නැතිබවද අවධාරණය කළේය. වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවන මීමුරේ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කිරිමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකසනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මීමුරේ කයිකාවල විද්‍යාලයේදී සහ මීමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ මීමුරේ ජනතාව හමුවී නව වැඩපිළිවෙල දැනුවත් කළ බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය. මීමුරේ නිෂ්පාදනය කරන ගම්මිරිස් කුළුබඩු සංස්ථාව හරහා ඝෘජුව මිලදී ගැනීමටත් ඒවා මීමුරේ ගම්මිරිස් නමින් වෙළඳපොළට නිකතුත් කිරිමටත් ජනාධිපතවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකරන බවද ඔහු පැවසුවේය. ඒ නිසා වෙනත් ගම්වල ජනතාව මීමුරේට සිය ගම්මිරිස් අස්වැන්න ගෙනවිත් අලෙවි කර මේ වැඩපිළිවෙළ කඩාකප්පල් නොකරන්නැයි ද දැනුම්දුන් බවද කීවේය.


COMMENTS
සෝදා පාලුව ඉහළින්ම තියේවි.. නකල්ස් වනසාවි...!!!
සෝදාපාළුව හින්දා තමයි එනසල් වගාව නැවැත්තුවේ. ඒවාට පිළියම් තියෙයිද? ඔය ඉඩම් වල ගෙවල් හදාගන්නත් පටන් ගනියි. පස්සේ පගාවක් දීලා විදුලියත් ලබාගෙන අයිතිවාසිකම් කියයි. ඕවාටත් උත්තර තියාගෙනම වැඩේට බහින්න.
දහසක් වැඩ රාජකාරි අස්සේ මේ ලියන්නේ.. මෙයට නොලියාම බැරි නිසා.. පරිසර මිතුරනි, මෙයින් නම් මේ රටේ වනාන්තර වලට හා පරිසරයට හොඳක් වෙන්නේ නැහැ. මේවා මේ තම අනාගත බලය රැක ගැනීමට කෙරෙනා දේ වගෙයි පේන්නේ. අප අන් ජාතීන්ට දොස් පැවරුවට, අපේම මිනිසුන් රක්ෂිත, ගං ඉවුරු, ඇල දොළ ඉවුරු ආදී සියල්ල බලෙන් අල්ලාගෙන වගාවන් යොදලා තමයි තියෙන්නේ. පසුව දේශපාලකයන් අල්ලාගෙන මේවාට ඔප්පු සාදා ගන්නවා. අනතුරුව, සතා සීපාවා අල්ලා ගන්නවා. මේවා මෙසේ කළොත්, නකල්ස් වලටත් වෙන්නේ ඒ ටිකමයි. ආයේ ඒකේ දෙකක් නැහැ. ටික දවසක් යනවිට තවතවත් වනය වනසා වගාකරාවි. ඊටපසුව පෙරකී විදිහට බදු ඔප්පු හදා ගනීවි. මේ කරන්නට හදන්නේ එහෙම පිටින්ම පරසර විනාශයක්. මතු දිනෙක වනසම්පත අපෙන් සමුගනීවී. එදාට හුස්ම ගැනීමටද වාතය නොමැතිව මිනිසා මියයාවි. අමන, නරි මෝඩ දේශපාලකයන් මේ ගැන මොන දැනීමක් ඇතුවද මේවා මේ කරන්නේ..? මෙසේ යනවිට, ඔබට, අප සැමට අත්වන්නේ කුමන ඉරණමක්දැයි සිතා බලන්න.. අනාගත පරපුරට පරසරය රැකදෙන හැටි.. හරිම අපූරුයි නේද?
මුලින් දෙන්නේ වගාකරන්න කියලා.. ඊට පස්සේ ඒ ඉඩම් ටික ටික දේශපාලකයෝ අයිති කරගන්න තමයි හදන්නේ. මේක නම් මම දකින මහා විනාශයක්..
එහෙම වෙන්නේ කොහොමද? සර්නේ කිව්වේ..? සර් කිව්වා නම් ඉතින් බඩුම තමයි...!!!
1990 වකවානුවක මීමුරේ - කයිකාවල ප්‍රදේශයේ පුහුණුවකට ගිය අතරේ තිබුණු සුන්දරත්වය අද නැති අතර රත්තොට අවට පරිසරය කෙතරම් හානිවී ඇතිද? එවන් තත්වයක් තුළ, මෙවැනි දේ තුළින් තවත් පරිසර විනාශ වෙනවා නොවේද?
ඔය තියෙන්නේ පරිසර විනාශයට විසඳුම් දීලා...
පහුගිය කාලෙක සමාජ මාධ්‍ය වල පලවුණා වැඩ බැරි කෙනාව හොයාගන්න බලය දීලාම බලන්න ඕනෑ කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි,... අපට සමාවන්න.
මේ අයට සුන්දර පරිසර පේන්නේ වහකදුරු වගේද? විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා රටට යහපතට වඩා අයහපතක් වුණා සේ සුන්දර පරිසරයටත් මේ ටිකම තමයි කවදා හරි වෙන්නේ..
සර් කිව්ව නම් ඉතින් චක්‍රලේඛයක් වගේ තමයි. රෙස්පෙක්‍ට් සර්.
ලංකාව මහා අවාසනාවන්ත රටක්... ඒකයි පරිසරයට ආදරේ නැති වුණාම රට පාලනය කරන්න තෝරගන්නේ..
පරිසර මිතුරෝ කොහෙද හිටියෙ විල්පත්තුවේ ගෙවල් හදලා මිනිස්සු පදිංචි වෙලා සින්නක්කර ඔප්පු ලියාගන්නකල්... ඔය කියන පරිසර මිතුරෝ කොහෙද ඒ කාලේ හිටියේ...
මෙතන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නේ කිසිම අදහසක් නැතුව... මීමුරේ නාන්න බොන්න ගිහිපු අය මේක දන්නේ නෑ.. අදටත් තියෙනවා අවුරුදු ගණනාවකට කලින් වගා කරපු එනසාල් ගස් අතහැරලා දාපු. එනසාල්වලට සුදුසුම පරිසරයක් මීමුරේ තියෙන්නේ. දන්නේ නැත්තන් ගමේ මනුස්සයෙක් එක්ක කතාකරලා යන්න ගමෙන් ඇතුළට... ගිහින් බලන්න. මේක ඉතාම හොඳ වැඩක්. දුෂ්කරතා නිසා නිසිමිලක් නැති නිසා ඒ මිනිස්සු ඒවා අතෑරලා තියෙන්නේ අවුරුදු බර ගාණකට කලින්. ඒ මිනිස්සු කැලේ විනාශ කරන්නේ නෑ. ඒ මිනිස්සු ගහට කොළට හරිම ආදරෙයි. පිටින් යන හරක් තමයි වනසලා එන්නේ. හෙල්මළු ක්‍රමයට වගාකරන, ඉතාම ප්‍රියමනාප මිනිස්සු ඉන්න ග්‍රාමයක්. ඒ මිනිස්සු වගා කරන්නේ ගලේ බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය එක්ක. අනිත් අය වගේ කැලේ විනාශ කරන්නේ නෑ. දන්නේ නැත්තන් හොයලා බලලා කමෙන්ට් කරන්න වැරදි දේවල් සමාජයට යවන්නේ නැතුව. රක්ෂිතය ඕන නෑ ඒ මිනිස්සුන්ට ඉඩම් තියෙනවා වගා කරන්න. ඒ මිනිස්සු රක්ෂිතයට යන්නේ කිතුලක් මදින්න. මෙහෙ අය ගිහින් තමයි දඩමස් හොයන්නේ අරක්කු බොන්න.. බීලා බෝතල් කුඩුකරන කුණුහරප කිය කියා ගම විනාශ කරන පිටින් එන අයගෙන් තමයි බේරාගන්න ඕනෑ මිමුරෙයි රක්ෂිතය.
මෙය මහා පරිසර විනාශයක ආරම්භයක්.
මීමුරේ කී දෙනෙක් එනසාල් ගොවියන් වෙන්න කැමතිද කියා අහලා බලන්න. එක කොල්ලෙක් කෙල්ලෙක් එන්නේ නෑ. වැඩිහිටි 50-60 ක් හා කියයි. ඒ අයටත් උදැල්ලක් උස්සන්න බැරි අය ඉඳියි. ඒ් අයට මාසෙට රු. 3000 ක පිං පඩියක් දෙනවා කීවා නම් ඒකත් අතහරියි. මේ පොහොට්ටුවට කඩේ ගිය කපටින්ට නකල්ස් වනසා ආදායමක් හදන වැඩක්. රටේ පරිසර සංවිධාන අවධානයෙන් ඉන්න. මේකෙනුත් ගෝවා ෆේල් වෙන්න අවුරුද්දයි යන්නේ.
වසරකට පෙර කොරෝනා නිසා පරිසර හානිය අවම වී ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවුණා කියා පම්පෝරි ගහපු ආණ්ඩුව, පරිසර විනාශය නොදැකීමෙන්ද? සංවර්ධනය අවශ්‍යයි. එහෙත් පරිසර විනාශය නොකරනු. දුම්බනගල, ලකේගල, නරියාකන්ද, වැදිලුණුගුහාව වැනි සුන්දර තැන් විනාශ නොකරනු..
රනිල් සහ පුතාණන් වගේ නොවේ.. සර් හොඳටම කරනවා.
වනාන්තර ටික විනාශවෙන එක නවත්තන්නේ කොහොමද? ළමා පරපුර විනාශ වෙන ටෙලිනාට්‍ය ටිකවත් විකාශනය වෙන එක නවත්තන්න බැරුව..
ඉතාමත් අගනා තීරණයක්. මීමුරේ අයට පමණක් නොව, රණමුරේ ජනතාවටද මෙම අයිතිය ලබාදිය යුතුය.
ඇයි රක්ෂිතය අස්සටම රිංගන්න හදන්නේ... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැරිද එනසාල් වගාවට සුදුසු රක්ෂිතයක් නොවන බිම් සොයා බලා ගොවිජනතාවට වගාවට උපදෙස් ලබා දෙන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් රට නඩත්තු කරන්නේ ඒකට නේද? ඇයි පාලකයන්ට ඒක වැටහෙන්නෙ නැත්තේ...? රට කරවන්න උගත්, නුවණ ඇති මිනිස්සුන් යවපල්ලා...!!!
නරකද හම්බන්තොට පැත්තේ මහ පරිමාණෙන් ගංජා වැව්වොත්...? වෙළඳපළ වටිනාකම ගොඩාක් මිල ඉහළ නිසා. ග්‍රාමීය ආර්ථිකයට සවියක් වෙයිනේ. අනික සර්ලගෙ ගම්පළාත් නිසා සර්ලගේ එහෙයියොත් කැමතිවෙයි උඩින්ම..
මේ රක්ශිත, අභයභූමි, කඩොලාන, තෙත් බිම්, ආදී වශයෙන් නම් දාගෙන කිසිම වැඩකට නැති කැලෑවල් රකින්නෙ මක්කටෙයි මේ වනරක්ශන නිලදාරීනුත් නඩත්තු කරමින්. ඕවයෙ එන්සාල්, බඩ ඉරිගු , පැපොල්, ගම්මිරිස් ,ආදී වගාවන් කලානං ආර්ථීකේටත් හොදයි මිනිසුන්ගෙත් අත මිට සරු වෙනවා. ඊට පස්සෙ හෝටල් ටිකකුත් ගැහැව්වනං ඔය වගාවල් ටික පෙන්නල ගානක් හොයාගන්නත් පුලුවන්. අනික, ඔක්ශිජන් කන්නයැ?
ප්‍රශ්නේ තියෙන්නේ ගොවියා කරන වගාව නියාමනය කරන්නේ කවුද කියන එක,.. ටික කාලෙකින් ගොවියා ඉඩමට අයිතියක් කියනවා. ඊට පස්සේ කොහේහරි ඉන්න දේශපාලකයෙක් නැතිනම් හිතවතෙක් ඉඩම සින්නක්කර ගන්නවා. පරිසරයත් ඉවරයි.
ඔහොම තමයි මුතුරාජවෙලත් පටන් ගත්තේ... අන්තිමට සත්තුන්ට ආගිය තැන් නැතිවෙනවා. ලංකාවට ආයෝජනය කියලා මොනවද මේ ලොක්කන් කරන්න හදන්නේ...? වෙන ක්‍රම ඇත්තේම නැද්ද ආයෝජනයට. කැලෑ කපලා රටේ තියෙන දේවල්ම විකුණලා සල්ලි හම්බ කරන්නේ. මුතුරාජවෙල හෙක්ටයාර 3000 ප්‍රමාණයකින් මේ වෙන කොටත් හෙක්ටෙයාර 2000ක ප්‍රමාණයක් වනසලා. ඉතින් බටහිරට ඔක්සිජන් සාදන ප්‍රධාන වනයක් එහෙම කැපුවම කොහොමත් ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙනවා. තාම ඕක වුනේ කොළඹ-බටහිර පළාතට විතරයි. අනෙක් පළාත් වලත් මහා පරිමානෙන් තියෙන ස්වභාවික ගස් කැපුවොත් වැඩි කල් නොගිහින් ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙයි. පරිසර සංවිධානත් සද්දයක් නැහැ. කොන්දක් තිබේ නම් මේවා වෙන්න කලින් නවත්තන්න ඕනේ නෙවේද?