
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (09)රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය රිට් පෙත්සමින් පෙන්වා දේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත.
(පුස්තකාල ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් පාරක් ආණ්ඩුවේ උළුගෙදර ලගින්නද මේ දඟලන්නේ?
එය අත්‍යවශ්‍ය දෙයක්.
අපේ රටේ අම්බරුවන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එංගලන්තයේ බකිංහම් මාලිගාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහෙ ගොසිප් වටිනවා ෆොන්සේකා මහත්තයෝ.. එවුන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන හිතන්න වෙලාවකුත් නැහැ, ඒවලින් වැඩකුත් නැහැ.
මෙන්න.. දේශපාලකයන් පත්කරන කොමිසම්වල සැබෑ තත්වය. අපි නෙමෙයි කියන්නේ.. ඒ අයමයි. රටේ නීතිය පසෙකට දමා තමන්ට අවශ්‍ය ආකාරයට විශ්‍රාමලත් විනිසුරුවරුන් හා තමන් කැමති තවත් අය පත්කොට මේ වැඩවලින් රටේ නීතිය හෑල්ලූවට ලක්වෙනවා නොවේද? එසේම සමහර මිනිසුන් තුන්වේලෙන් එකවේලක් කා ඉන්නා රටක, මේ වැඩකට නැති කොමිසම් සඳහා රටේ මුදල් නැති නාස්තිකරන දේශපාලකයින්ට දඬුවම් දී එම මුදල් ඔවුන්ගෙන් අයකරගත යුතුයි නේද? පාට, පක්ෂ නොබලා මේ වැනි දේට ක්‍රියාකිරීමට කාලය පැමිණ ඇත.