IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න’යි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි


 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (09)රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතා සිය රිට් පෙත්සමින් පෙන්වා දේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත.

 

(පුස්තකාල ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (4)

ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න’යි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

siri Tuesday, 09 March 2021 03:54 PM

ආයෙත් පාරක් ආණ්ඩුවේ උළුගෙදර ලගින්නද මේ දඟලන්නේ?

:       1       3

Demuni Uduwara Tuesday, 09 March 2021 06:08 PM

එය අත්‍යවශ්‍ය දෙයක්.

:       0       0

බද්රානි Tuesday, 09 March 2021 09:04 PM

අපේ රටේ අම්බරුවන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එංගලන්තයේ බකිංහම් මාලිගාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහෙ ගොසිප් වටිනවා ෆොන්සේකා මහත්තයෝ.. එවුන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන හිතන්න වෙලාවකුත් නැහැ, ඒවලින් වැඩකුත් නැහැ.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 March 2021 01:59 AM

මෙන්න.. දේශපාලකයන් පත්කරන කොමිසම්වල සැබෑ තත්වය. අපි නෙමෙයි කියන්නේ.. ඒ අයමයි. රටේ නීතිය පසෙකට දමා තමන්ට අවශ්‍ය ආකාරයට විශ්‍රාමලත් විනිසුරුවරුන් හා තමන් කැමති තවත් අය පත්කොට මේ වැඩවලින් රටේ නීතිය හෑල්ලූවට ලක්වෙනවා නොවේද? එසේම සමහර මිනිසුන් තුන්වේලෙන් එකවේලක් කා ඉන්නා රටක, මේ වැඩකට නැති කොමිසම් සඳහා රටේ මුදල් නැති නාස්තිකරන දේශපාලකයින්ට දඬුවම් දී එම මුදල් ඔවුන්ගෙන් අයකරගත යුතුයි නේද? පාට, පක්ෂ නොබලා මේ වැනි දේට ක්‍රියාකිරීමට කාලය පැමිණ ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site