
(මහේෂ් කිර්තිරත්න)
දඹුල්ල, සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසත්, මේ වන විට ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා අද (05) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ආණ්ඩුකාරවරයා විසින් දෙනු ලැබිය.
"වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ මෙය ඉතා බරපතල ක්‍රියාවක්. මේ පිළිබදව ප්‍රාදේශීය ලේකම් ඇතුලු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි. අඩු ආදායම් ලාභි ජනතාවට ලබා දිමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් කටයුතු කිරිම බරපතල තත්වයක්. වහාම මේ පිළිබදව සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරිමටත් කටයුතු කළ යුතුයි. මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතුයි." යැයි ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදි අදහස් දැක්වු මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවත් අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත්ය.
මෙහිදී අදහස් දැක්නු ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාල ග්‍රාම නිලධාරිවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමටද අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.
"මුලික වශයෙන් අද වන විට වනජිවි දෙපාර්තමෙන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ වගකිම් ඉෂ්ට වෙනවද කියලා අපට විශාල ගැටලුවක් තියනවා. පොඩි මිනිහට නඩු දානාවා. නමුත් මහා පරිමාණයෙන් සිගිරිය දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් බැහැර කිිරිම් සිදු වෙනවා. මේ පිළිබදව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ අවධානය යොමුවෙලා තියනවා. පිටස්තර පුද්ගලයින්ට ඉඩම් ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට පසුගියදා උපදෙස් දුන්නා. මහා පරිමාණයෙන් මේ සිදුවන ඉඩම් මංකොල්ලය වහා නවතා දැමිය යුතුයි. වනය රැක ගැනිම වගේම ඉඩම් ආරක්ෂා කිරිම අපේ වගකිමක්." යැයි එහිදී අදහස් දැක්වු දඹූල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ කියන ක්‍රිකට් ක්‍රීඩකයා? මොහුගේ නම අනිවාර්යයෙන් ප්‍රසිද්ධ කරන්න. එවිට ඉදිරියට අනෙක් පුද්ගලයන් මෙවැනි වැරැදි කරන එකක් නැහැ.
බණ්ඩාගේ, හීන් බණ්ඩාගේ නම් ලියවුණාට ලොකු ලොක්කන්ගේ නම් ලියනකොට මේ අයගේ අත් වෙව්ලනවා. බලන් ඉන්න නම ලියනකල්...
නම නම් ලියන්න පුළුවන් මහත්තයෝ. ඒ අයගේ හත්මුතු පරම්පරාවෙන් ආයේ ඡන්දේ ලැබෙන්නේ නැහැනේ. එහෙම වුණොත් ආයේ ඔතන ඉඳගන්න ලැබේවිද? අපිව ඔතනට දාපු අය අපිව ඉල්ලන්නේ.
පව්... ග්‍රාමසේවක. පහත් තැනින් යයි ගලා ජලේ...!!!
ඕවා වෙන්නේ ඉහළම පෙළේ දේශපාලන බලවතුන්ගේ අනුදැනුම ඇතිව නිසා.. මේවා නිකන් බොරු ඇස්බැන්දුම් නාටක විතරයි.
සින්නක්කර ඉඩමක් නම් තමුන්ගේ ඉඩම ඒක ඕනෑම කෙනෙකුට... විකුණන්න බලයක් තියෙනවා. ඒක ගන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි, කුඩු කාරයෙකුට වුණත් අයිතියක් තියෙනවා..
ඉඩම හිමිකරු විකුණන්න කැමති නම් මේකේ තියෙන වරද මොකක්ද? මම දන්නා විදිහට යාපනයෙන් ඇරෙන්න ඕනෑ තැනකින් ඉඩම් මිලට ගන්න පුරවැසියෙකුට බාධාවක් නැහැ...
මේ කරන දෙයක් නන්දසේනට හොරෙන් කරන්න. නැතිනම් අර සිංහරාජේ පාර කපන්න උපදෙස් දුන්නා වගේ, ගිහින් සීගිරි ගලත් විකුණන හැටි කියලා දෙයි.
මේ කියන ක්‍රිකට් ක්‍රීඩකයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට සම්බන්ධකම් ඇති කෙනෙක් වෙන්න ඕනෑ. නම නොකීවාට දන්නෝ දනිති...
නන්දසේන ආවා විතරයි නීතිය නැතිව ගියා. රටේම වනාන්තර ඉවරයි. කම්බි වැටවල් ගහලාම අල්ලා ගන්නවා. ඒත් එයාට වගේ වගක් නෑ.
ඕවා සුළු ප්‍රශ්නනේ.. එක පිළිසඳරක් තිබ්බාම ප්‍රශ්නේ ඉවරයි.
ඔය කියන්නේ අර කකුළුවන් විකුණන මහා ක්‍රීඩකයා ගැනද?
ඔය ලලිත් ගමගේ කියන මහත්තයා ආණ්ඩුකාර නිල නිවස පුතාගේ යාළුවන් සහ පවුල්වල අයට විනෝද වෙන්න ලබාදෙන ඒවටත් පරික්ෂා කරන්න ඕනෑ. මොකද ඔය කට්ටියට විනෝද වෙන්න දෙන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්... ඊට අමතරව දේශපාලන බලයෙන් තානාපති සේවයට ගිහිල්ලා කරපු මගෝඩිත් හොයන්න ඕනෑ. ජීවිත කාලෙම කළේ අනිත් මිනිස්සුන්ගෙන් ජීවත් වෙච්ච එක...
ඔප්පුවක් ලියලානම් ඒක අවලංගු කරන්න දිසා අධිකරණයට නඩු පවරන්න ඕන.