පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 January 2024
රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි. 18 January 2024
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 17 January 2024
ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. 16 January 2024
එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. 15 January 2024
කොළඹ බදුල්ල සැප බසය අධිවේගියේදී ගිනිගනී දක්ෂිණ අධිවේ ගි මාර් ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙන බව පොලීසිය කියයි. 15 January 2024
අවලෝකීතේෂ්වර අත්අඩංගුවට අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 15 January 2024
‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති. 15 January 2024
සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී යද්දී සිසුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ. 14 January 2024
තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 14 January 2024
මන්ත්‍රී නිවාස පිට අයට දීලා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. 13 January 2024
උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය. 12 January 2024
ක්‍රිකට් තහනම අවසන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 January 2024
බාල බෙහෙත් සිද්ධියට කෙහෙලියගේ ඉල්ලිම අහක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද ප්රතික්ෂෙප කළාය. 10 January 2024
රනිල් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව අද (9) ඒකමතිකව තීරණය කළේය. 09 January 2024
ගුවන් සේවා නිලධාරිනිය ගෙළ කපා මරලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 09 January 2024
චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 09 January 2024
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසි වැඩ වර්ජනයක ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පැවසීය. 09 January 2024
හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක් හෝමාගම කර්මාන්තපුරේ අහස දෙසින් සුදු පාටට හුරු දුමාරයක් පිටවන බව ප්‍රදේශවාසීහු පවසති. 08 January 2024
මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 07 January 2024
ජනපති පුටුවට ලොකු පොරයක් ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 07 January 2024
පවුල් ලක්ෂ හතක් ණයට කයි රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය. 06 January 2024
අධ්‍යාපනයේ වාහන 212ක් අතුරුදන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 January 2024
අධිවෙිගීයේ අනතුරින් බැංකු කළමනාකාරිණිය සහ මව මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතරලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
දිවිය ලෝකේ පෙන්නා හතක් මරුකටට යැවූ දේශකයා කවුද උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2024
විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය. 03 January 2024
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. 02 January 2024
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2024
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026