(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන - අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී සිදුවූ සාකච්ඡා අනුව අදාල මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් මෙම සතියේදී ලබාදෙන බවට ඉන්දීය රාජ්‍ය නියෝජිතයින් දැනුම් දී තිබේ.
ඉන්දීය රජයේ මූලික අදහස් සලකා බැලීමෙන් අනතුරුව ලංකා රජයේද අදහස් ලබාදී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරට ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ යැයිද ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇතැයි ද රජයේ ප්‍රකාශකයා කීය.
නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවනු ඇතැයිද රජයේ ප්‍රකාශකයා පැවසීය.
එමෙන්ම සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව ලැබීම,ඉන්දියාව විසින් නිකුත්දා නිර්මාණය කරනු ලැබූ මැද පෙරදිග ආර්ථික කොයිඩෝවට ලංකාවටද සම්බන්ධ වීමට හැකියාව ලැබීම, දෙරට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට විකුණන්නට අවස්ථාව ලැබීම වාසි අතුරින් කිහිපයක් බව රජය පවසයි.
එමෙන්ම ලොව පුරා අන්තර්ජාල සම්බන්ධීකරණය සඳහා මුහුද යටින් එලා ඇති සම්බැරීන් කේබල් හෙවත් ඉන්ටර්නෙට් කේබල් පද්ධතිය ඉන්දු- ලංකා ගොඩබිම් මාර්ගය ඔස්සේ එලීමෙන් ඊට වන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවද ගොඩබිම ආසන්න මුහුදේ දී නෞකාවල නැංගුරම් වැදීමෙන් අදාල කේබල් පද්ධතියට හානි සිදුවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇතැයිද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම ඉන්දු ලංකා මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.
ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.
අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇති අතර ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලුවන් කුණු බක්කියට දාලාත් මදි. ගොඩබිම් මාර්ගයක් ඉදිකර ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවනු ඇතැයි කියනවාට වඩා අල, ළුෑණු, මිරිස් මෙරට නිෂ්පාදනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇත්තේම නැද්ද? මොවුන් මේ රට ඉන්දියාවටයි, චීනයටයි හේත්තු කරලාමයි නතර වෙන්නේ...
චන්ද්‍රිකා කිව්වා ඉන්දියාව මේ රට 70 වාරයකට වඩා ආක්‍රමණය කරලා තියනවා කියලා. හැත්තෑ වතාවක් රට බේරාගත් රාජ පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයා සාගල...
පිටිපස්ස ආරක්ෂා කරගන්න බැරි වුණු එක ජාතික ආරක්ෂාවක් වුණු අරුම පුදුම රට...
ඉතාම හොඳ වැඩක්...!
තමිල් නාඩු ජනයා වැලනොකැඩී උතුරේ පදිංචි වේවි... ඉන්පසු ඔවුන්ව පාලනය කරනවා බොරු..
රනිල් වික්‍රමසිංහ, තමුන් හිතන්නේ තමුන් කවුරු කියලද? තමුන් හොරු 134 දෙනෙකුගේ ඡන්දයෙන් පත්වුණා.. පින් ජනාධිපති කෙනෙක් මිසක් රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු නියම ජනාධිපති කෙනෙක් නොවේ !!! අපි දන්නවා තමුන්ගේ ඥාතීන් ලංකාවට පැමිණි ඉන්දීය වඩිග ජාතිකයින් බව. ඒ නිසාද ඔබට හිතුණු පලියට රටවල් දෙකක් ගොඩබිමින් සම්බන්ධ කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා එකඟ වුනේ? ඔය රටවල් දෙක භූගෝලීය වශයෙන් ගොඩබිමින් සම්බන්ධ කිරීමට විරුද්ධව දැන් මේ රටේ ප්‍රබල විරෝධතාවයක් ගොඩනැගෙනවා. ඒ විතරක් නොවෙයි, අධිකරණයටත් යනවා. මේ රට ඔයාගේ නොවෙයි !!! මේ රට මේ භුමියේ ජීවත්වන ජනතාවගෙයි..! එක අමතක කරපු ඔයාගේ ඉරණම සොබාදහම විසින්ම විසඳයි.
මේ වගේ බරපතල තීරණ ගන්න මේ රජයට බලයක් තියෙනවාද? ඉන්දියාව වැඩි වාසි අපිට දෙයි මෙන්න කියලා. ඉතිහාසය දන්න කවුරුවත් නැද්ද? ඔය රජයේ. මේ සාගල කව්ද එයාට ඇති සුදුසුකම් මොනවාද? මේ වගේ තීරණ ගන්න.... රටේ නැද්ද වෙන බුද්ධිමත් මිනිස්සු...
ආර්ථික වශයෙන් මෙය වාසිදායක වන්නට හැකිවුවත් දේශපාලනික (geopolitics) වශයෙන් අනාගතයේදී මෙය කිසිදා විසඳිය නොහැකි ගැටළු මතුවීමට හේතුවිය හැකියි. මාර්ගයක් ඉදිකිරීමෙන් ප්‍රවාහන පහසුකම්ද ඇතිවන බව සැබෑවකි. මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළයුතුවේ. මේ පිළිබඳව රටේ පුරවැසියන්ද දැනුවත් වීම වැදගත්වේ...
"නැව් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන බව" කවුද සප්ලයි චේන් මැනෙජ්මන්ට් ඉගැන්නුවේ?
විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය අනුව කච්චතිව් දුපත් පිළිබඳව ඉන්දියාවේ දේශපාලන විවාදයක් බව සත්‍ය වුවද, එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලංකාවේ පාර්ශවයෙන් සිදු නොවිය යුතු ප්‍රකාශයකි...
තලෙයිමන්නාරමේ පාලම සම්බන්ධ වන කොටස හදිසි ප්‍රහාරයකින් අත්පත් කරගත්තාම ගොඩබිම් මාර්ගයකින් සැපයුම් සැලසීම ඉන්දියාව බලාපොරොත්තු වෙන එකම වාසියයි. අල ළූණු ගැන කියැවන දේශපාලකයෝ ඒක නොදන්නවා නොවෙයි. 3 ලෝක යුද්දේදි ඉන්දියාව ඇමරිකාව පැත්ත ගන්නත්, චීනය, රුසියාව පැත්ත ගන්නත් තියන ඉඩ වැඩියි. ලංකාව සැපයුම් මධ්‍යස්ථානයක් කරන්න වගේම චීනයට තියන ඉඩ අහුරන්න ගොඩබිම් මාර්ගයක් ඉන්දියාවට වැදගත්...
පිනා යන්න කළින් මුළු රටම නැතිකරලා තමයි යන්නේ?