IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන - අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී සිදුවූ සාකච්ඡා අනුව අදාල මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් මෙම සතියේදී ලබාදෙන බවට ඉන්දීය රාජ්‍ය නියෝජිතයින් දැනුම් දී තිබේ.

ඉන්දීය රජයේ මූලික අදහස් සලකා බැලීමෙන් අනතුරුව ලංකා රජයේද අදහස් ලබාදී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරට ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ යැයිද ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇතැයි ද රජයේ ප්‍රකාශකයා කීය.

නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවනු ඇතැයිද රජයේ ප්‍රකාශකයා පැවසීය.

එමෙන්ම සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව ලැබීම,ඉන්දියාව විසින් නිකුත්දා නිර්මාණය කරනු ලැබූ මැද පෙරදිග ආර්ථික කොයිඩෝවට ලංකාවටද සම්බන්ධ වීමට හැකියාව ලැබීම, දෙරට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට විකුණන්නට අවස්ථාව ලැබීම වාසි අතුරින් කිහිපයක් බව රජය පවසයි.

එමෙන්ම ලොව පුරා අන්තර්ජාල  සම්බන්ධීකරණය සඳහා මුහුද යටින් එලා ඇති සම්බැරීන් කේබල් හෙවත් ඉන්ටර්නෙට් කේබල් පද්ධතිය ඉන්දු- ලංකා ගොඩබිම් මාර්ගය ඔස්සේ එලීමෙන් ඊට වන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවද ගොඩබිම ආසන්න මුහුදේ දී නෞකාවල නැංගුරම් වැදීමෙන් අදාල කේබල් පද්ධතියට හානි සිදුවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇතැයිද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම ඉන්දු ලංකා  මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.

ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇති අතර ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23කි.



අදහස් (12)

ඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිට

පිටරටවැසියා Saturday, 06 April 2024 02:17 PM

මේ දේශපාලුවන් කුණු බක්කියට දාලාත් මදි. ගොඩබිම් මාර්ගයක් ඉදිකර ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවනු ඇතැයි කියනවාට වඩා අල, ළුෑණු, මිරිස් මෙරට නිෂ්පාදනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇත්තේම නැද්ද? මොවුන් මේ රට ඉන්දියාවටයි, චීනයටයි හේත්තු කරලාමයි නතර වෙන්නේ...

:       19       57

sulalitha Saturday, 06 April 2024 04:17 PM

චන්ද්‍රිකා කිව්වා ඉන්දියාව මේ රට 70 වාරයකට වඩා ආක්‍රමණය කරලා තියනවා කියලා. හැත්තෑ වතාවක් රට බේරාගත් රාජ පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයා සාගල...

:       6       18

Prabha Saturday, 06 April 2024 05:50 PM

පිටිපස්ස ආරක්ෂා කරගන්න බැරි වුණු එක ජාතික ආරක්ෂාවක් වුණු අරුම පුදුම රට...

:       6       19

Lal Saturday, 06 April 2024 11:19 PM

ඉතාම හොඳ වැඩක්...!

:       2       1

nihal Saturday, 06 April 2024 11:31 PM

තමිල් නාඩු ජනයා වැලනොකැඩී උතුරේ පදිංචි වේවි... ඉන්පසු ඔවුන්ව පාලනය කරනවා බොරු..

:       1       2

විජිත් Saturday, 06 April 2024 11:35 PM

රනිල් වික්‍රමසිංහ, තමුන් හිතන්නේ තමුන් කවුරු කියලද? තමුන් හොරු 134 දෙනෙකුගේ ඡන්දයෙන් පත්වුණා.. පින් ජනාධිපති කෙනෙක් මිසක් රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු නියම ජනාධිපති කෙනෙක් නොවේ !!! අපි දන්නවා තමුන්ගේ ඥාතීන් ලංකාවට පැමිණි ඉන්දීය වඩිග ජාතිකයින් බව. ඒ නිසාද ඔබට හිතුණු පලියට රටවල් දෙකක් ගොඩබිමින් සම්බන්ධ කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා එකඟ වුනේ? ඔය රටවල් දෙක භූගෝලීය වශයෙන් ගොඩබිමින් සම්බන්ධ කිරීමට විරුද්ධව දැන් මේ රටේ ප්‍රබල විරෝධතාවයක් ගොඩනැගෙනවා. ඒ විතරක් නොවෙයි, අධිකරණයටත් යනවා. මේ රට ඔයාගේ නොවෙයි !!! මේ රට මේ භුමියේ ජීවත්වන ජනතාවගෙයි..! එක අමතක කරපු ඔයාගේ ඉරණම සොබාදහම විසින්ම විසඳයි.

:       1       3

Nalin s. Jayakodi Sunday, 07 April 2024 12:42 AM

මේ වගේ බරපතල තීරණ ගන්න මේ රජයට බලයක් තියෙනවාද? ඉන්දියාව වැඩි වාසි අපිට දෙයි මෙන්න කියලා. ඉතිහාසය දන්න කවුරුවත් නැද්ද? ඔය රජයේ. මේ සාගල කව්ද එයාට ඇති සුදුසුකම් මොනවාද? මේ වගේ තීරණ ගන්න.... රටේ නැද්ද වෙන බුද්ධිමත් මිනිස්සු...

:       0       3

nimal Sunday, 07 April 2024 02:44 AM

ආර්ථික වශයෙන් මෙය වාසිදායක වන්නට හැකිවුවත් දේශපාලනික (geopolitics) වශයෙන් අනාගතයේදී මෙය කිසිදා විසඳිය නොහැකි ගැටළු මතුවීමට හේතුවිය හැකියි. මාර්ගයක් ඉදිකිරීමෙන් ප්‍රවාහන පහසුකම්ද ඇතිවන බව සැබෑවකි. මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළයුතුවේ. මේ පිළිබඳව රටේ පුරවැසියන්ද දැනුවත් වීම වැදගත්වේ...

:       0       3

kotiya Sunday, 07 April 2024 02:52 AM

"නැව් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන බව" කවුද සප්ලයි චේන් මැනෙජ්මන්ට් ඉගැන්නුවේ?

:       0       2

sam Sunday, 07 April 2024 03:26 AM

විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය අනුව කච්චතිව් දුපත් පිළිබඳව ඉන්දියාවේ දේශපාලන විවාදයක් බව සත්‍ය වුවද, එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලංකාවේ පාර්ශවයෙන් සිදු නොවිය යුතු ප්‍රකාශයකි...

:       0       2

Jagath Sunday, 07 April 2024 06:34 AM

තලෙයිමන්නාරමේ පාලම සම්බන්ධ වන කොටස හදිසි ප්‍රහාරයකින් අත්පත් කරගත්තාම ගොඩබිම් මාර්ගයකින් සැපයුම් සැලසීම ඉන්දියාව බලාපොරොත්තු වෙන එකම වාසියයි. අල ළූණු ගැන කියැවන දේශපාලකයෝ ඒක නොදන්නවා නොවෙයි. 3 ලෝක යුද්දේදි ඉන්දියාව ඇමරිකාව පැත්ත ගන්නත්, චීනය, රුසියාව පැත්ත ගන්නත් තියන ඉඩ වැඩියි. ලංකාව සැපයුම් මධ්‍යස්ථානයක් කරන්න වගේම චීනයට තියන ඉඩ අහුරන්න ගොඩබිම් මාර්ගයක් ඉන්දියාවට වැදගත්...

:       1       1

chandima Sunday, 07 April 2024 07:53 AM

පිනා යන්න කළින් මුළු රටම නැතිකරලා තමයි යන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 27 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 207 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසරක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 311 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 95 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු
2024 මැයි මස 03 542 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 1100 1

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1886 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site