මත්තලට එන අලි පන්නන්න විශේෂ කණ්ඩායමක් ඉල්ලයි
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශවලට නිරන්තරයෙන් පැමිණෙන වල් අලි පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඒ වෙත යොමු කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා කීය.