ජේතවන දාගැබේ ඉරිතැලීමක් අනුරාධපුර පුදබිමේ පිහිටි ජේතවන දාගැබ ඉරිතලා ඇති බව ජේතවන විහාරාධිකාරී ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ අද (09) පැවසූහ. 09 February 2020
හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට කුලියට ගත් නිවසක හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් සහ සැකකාරියක් අද (09) හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 09 February 2020
රන් මාලයක් කොල්ලකෑ හමුදා සෙබලා අත්අඩංගුවට කාන්තාවකගේ රන් මාලය කොල්ලකන ලද බව කියන යුද හමුදා සෙබලෙක් අද (09) අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය පැවසීය. 09 February 2020
ටී 56 ජීවඋණ්ඩ 135 ක් සොයාගනී ටී 56 ගිනිඅවි සඳහා යොදන ජීවඋණ්ඩ 135 ක් සහ එම උණ්ඩ බහාලන මැගසින් හතරක් අද (09) අරලගංවිල 503 ප්‍රදේශයේ පිහිටි වෙල්යායක සඟවා තිබියදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි. 09 February 2020
ආඩිගම රියඅනතුරකින් තරුණයකු මරුට ආඩිගම කිරියන්කල්ලිය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් අද (9) පාලමක ගැටි සිදුවු අනතුරින් තරුණයකු මිය ගොස් 7 දෙනෙකු තුවාල ලබා මුන්දලම හා හලාවත රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි. 09 February 2020
ඇහැළියගොඩ සෝමතිලකයන්ට සබරගමුව සරසවියෙන් සම්මාන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සංවත්සර දින සමරු උත්සවයේ දී ශ්‍රී ලංකාවේ කලා කෙත අස්වද්දන්නට කැපවුණු සබරගමු පුරවරයේ කලාකරුවකු ඇගයීමට ලක්කරන සම්මානය මෙවර ප්‍රවීණ කලාවේදී සිනමා හා ටෙලිනාට්‍ය කලා අධ්යක්ෂ ඇහැලියගොඩ සෝමතිලකයන්ට හිමිවිය. 09 February 2020
තංගල්ලේ හෝටලයක ගින්නක් තංගල්ල දංකැටිය ප්‍රදේශයේ හෝටලයක අද (9) දහවල් හදිසියේ ඇති වූ ගින්නකින් එම හෝටලයට දැඩි හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 09 February 2020
බදුල්ල රෝහල ඉදිරිපිට මාර්ගය ගිලාබසී බදුල්ල මහ රෝහල ඉදිරිපිට මහාමාර්ගය පුපුරා ගිලාබැස ඇතැයි පොලිසිය කියයි. 09 February 2020
පාකිස්තානු ගුවන් හමුදාපති දළදාවහන්සේ වැඳපුදා ගනියි ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථානයේ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් කාන් මහතා ඇතුළු පිරිස අද (08) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ. 08 February 2020
ඒකාබද්ධ වැඩසටහනක් බේරුවලදී ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ආගමික සහජීවනය සඳහා වූ සාමූහික මැදිහත්වීමේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතිය යටතේ බේරුවල ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව සහ මන්නාරම අන්තර් ආගමික කමිටුවේ කමිටු සාමාජිකයින්ගේ හමුවක් සහ දැනුම කුසලතා ආකල්ප පිළිබිඹු කෙරෙන ඒකාබද්ධ වැඩසටහනක් අද (08) බේරුවල ’’ද පාම්’’ හෝටලයේදී පැවැත්විණි. 08 February 2020
ගුරුවරුන්ට සිසුන්ට පහරදුන් පියා - පුතා අත්අඩංගුවට වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පාසලක සිසු පිරිසකට හා ගුරු පිරිසකට පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ පියෙකු හා පුතෙකු අද (08) උදැසන අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 08 February 2020
නිතීවිරෝධීව දුම්වැටි ගෙනආ අයෙකු අත්අඩංගුවට ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව ඔස්සේ රැගෙන යමින්, එහි ආවේක්ෂණ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. 08 February 2020
දම්සවිය මුතියංගණයේදී එළි දකියි දම්සවිය ජාත්‍යන්තර පදනමේ දම්සවිය මාසික සඟරාව එළි දැක්වීම හා වෙබ් අඩවිය විවෘත කිරීම මුතියංගණ රාජ මහා විහරස්ථානයේදී අද (8) සිදුවිය. 08 February 2020
විදේශිය කාන්තාවක් දියේ ගිලී මරුට හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි විදේශිය කාන්තාවක් අද (07) දියේ ගිලී මියගොස් අතැයි හික්කඩුව පොලිසිය පවසයි. 07 February 2020
සිසුවෙකුට පහරදුන් 7 ක් අත්අඩංගුවට බණ්ඩාරවෙල නගරයේ පාසලක උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් පාසල් සිසුන් හත් දෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 07 February 2020
තන්තිරිය රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරවෙල තන්තිරිය රක්ෂිතයේ අද (7) හවස ඇති වූ හදිසි ගින්නකින් අක්කර දෙකක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 07 February 2020
විදුලිය සැර වද්දවා වල් අලියකු මැරූ අයකුට දඩයක් විදුලිය සැර වද්දවා වල් අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (7) නියම කළේය. 07 February 2020
රජය පුත්තලමෙන් වී මිලට ගැනීම අරඹයි රජය මගින් වී මිළදි ගැනිම පුත්තලම දිස්ත්‍රික්කයේ අද (7) ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසීය. 07 February 2020
සයින්දමරුදු බල ප්‍රදේශයට නව නගර සභාවක් කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය සදහා නව නගර සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 07 February 2020
බොල්ගොඩ ගඟේ මළ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද(07) හමු වූ බව පානදුර පොලිසිය කියයි. 07 February 2020
හැටන් රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ යුලිකැප්ටස් වගා රක්ෂිතයේ අද(07) හටගත් ගින්නකින් අක්කර 25 පමණ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 07 February 2020
බලපිටිය රෝහලේ සේවකයෝ විරෝධයක බලපිටිය මූලික රෝහලේ සේවකයෝ පිරිසක් අද(07) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 07 February 2020
කංසා පැළ 700ක් සමඟ පුද්ගලයෙකු එස්ටීඑෆ් දැලේ තණමල්විල වැලිආර කිරිවැව ප්‍රදේශයේ කෙසෙල් වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 February 2020
ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපති වැඩ බාරගනී ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අද(07) එම කාර්යාලයේදී වැඩ බාරගත්තේය. 07 February 2020
දෙදෙනෙකුට පහරදුන් සිවිල් ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට වැලිකන්ද රුහුණු කෙත ගම්මානයේදී කාන්තාවකට සහ ඇගේ පුතාට පහරදුන්නැයි සැකපිට අද(07) සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 07 February 2020
මීගොඩ වෙළඳසැල් 5 කට නඩු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් විසින් මීගොඩ ආර්ථික මධ්‍යස්තානය සහ ඒ අවට වෙළඳසල් අද (7) අලුයම හදිසි පරීක්ෂාවට ලක්කර වෙළඳසල් පහකට නඩු පවරා තවත් වෙළඳසල් 15 කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 07 February 2020
කස මෝරුන් මැරූ ධීවරයෝ 6දෙනෙකු අත්අඩංගුවට වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු මුහුදු ජීවියකු වන කස මෝරුන් දෙදෙනෙකු ඈත දියඹේ දී අල්ලා මරා ගොඩ බිමට ගෙන එමින් සිටි එක් දින යාත්‍රාවන් දෙකක පුද්ගලයින් 6 දෙනෙකු අද (7) අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකය පවසයි. 07 February 2020
පුද්ගලයන් බියගන්වා මුදල් ගත් 8 ක් නාරාහේන්පිටදී අත්අඩංගුවට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල රැඳී සිටිමින් එම දෙපාර්තමේන්තුව කරා විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන පුද්ගලයන් බිය ගන්වමින් මුදල් ලබාගත් අට දෙනෙකු අද (06) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 06 February 2020
අතුරුදන්වූ අයකුගේ සිරුර සොයාගනී වැලිගම පැනෑටියන ප්‍රදේශයේදී අතුරුදහන් වූ බව කියන පුද්ගලයකුගේ මළ සිරුර එම පෙදෙසෙහි දොළක තිබී (06 ) සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි. 06 February 2020
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව සමස්ත ලංකා ව්‍යාපෘති සහයක එකමුතුව, සමස්ත ලංකා විශ්‍රාමිකයන් ගේ සංගමය, සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය යන සංගම්වල සාමාජිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ. 06 February 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025