‘සීගිරියේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස ඉදිකිරීම් කරන්නැයි උපදෙස්‘
සීගිරිය පුරා විද්‍යා බිමේ නවීකරණ කටයුතු සහ නව ඉදිකිරීම් එහි පෞරාණිකත්වයට හානි නොවන අයුරින් සිදු කරන ලෙසත්, පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ මෙන්ම දේශිය සංචාරකයින්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අද (10) එහි කළමනාකාරීත්වයට උපදෙස් දුන්නේය.