පස්සර දී වාහන 47 ක ට තහනම් නියෝග බදුල්ල දිස්ත්රික් මෝටර් පරික්ෂකවරුන් දෙදෙනෙකු පස්සර පොලිසිය සමඟ එක්ව පස්සර නගරයේදී අද (14) කළ වාහන සෝදිසියකදී විවිධ අඩුපාඩු සහිත වාහන වාහන 47 ක ට තහනම් නියෝග නිකුත් කළේය . 14 February 2020
කොරෝනා යැයි සැක චීන ජාතිකයෙකු කරාපිටිය රෝහලට මාතර සිට හම්බන්තොට දක්වා වු අධිවේගී මාර්ගයේ සේවය කරන චීන ජාතිකයෙකු කොරෝනා බවට සැකකරන රෝගයක් වැළදීම හේතුවෙන් අද (14) කරාපිටිය රෝහලේ අංක 36 විශේෂ වාට්ටුවට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්රකාශකයෙක් පැවසීය. 14 February 2020
සීනිගමදී රිය අනතුරකින් කාන්තාවක් මරුට සීනිගම ප්රදේශයේදී අද (13) රාත්රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. 14 February 2020
ගල්අඟුරු දුම්රිය දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවෙයි ලෝකයේ රටවල් 12 ක විදේශීකයන් 38 දෙනෙක් රැගත් ගල්අඟුරු දුම්රිය අද (13) දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවිය. 13 February 2020
දියණියට වද හිංසා කළ පියා - කුඩම්මා තවදුරටත් රිමාන්ඩ් නව හැවිරිදි තම දියණියට දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්රිත ප්රදේශයට උණු වතුර දමා බර පතල තුවාල සිදුකර මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දැරියගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ 27 වැනිදින දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජිවනි පතිරණ මහත්මිය අද (13) නියෝග කළාය. 13 February 2020
සිවිල් සංවිධාන කිහිපයක් චීන තානාපති කාර්යාලය අසලට රැස්වෙති කොරෝනා වෛරසය පාලනය කිරීමට සහ වැළැක්වීමට චීනය ඇතුළු සමස්ත ලෝක ජනතාව ගෙන ඇති ක්රියාමාර්ගයන්ට කෘතඥතාවය පළ කිරීම සඳහා සංවිධාන කිහිපයක් අද (13) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ. 13 February 2020
කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මුල්ලේරියාව හිඹුටාන ප්රදේශයේදී කේරල ගංජා කිලෝ එකයි ග්රෑම් 200 ක් සහ කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව මුල්ලේරියාව පොලිසිය කියයි. 13 February 2020
ගංජා බෙදාහරින මධ්යස්ථානයක් වටලයි හිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්යස්ථානයක් වැටලීමට හැකි වූ බව පොලොන්නරුව කොට්ඨාස මත්ද්රව්ය වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසීය. 13 February 2020
සිංගිමලේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (13) උදෑසන හටගත් ගින්න පාලනය කිරීමට ආපදා කලමනාකරණ ඒකකය ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත. 13 February 2020
පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්රික්කයේ , මාවතගම, කුඹුරු යායේ දී, කෘෂිකර්ම අමාත්ය චමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (13) පැවැත්විණි. 13 February 2020
මල්ලීගේ වෙඩි පහරින් අයියා මරුට සුරියවැව බැද්දේවැව නුගේකන්ද ප්රදේශයේ අද(13) සහෝදරයකු ඔහුගේ වැඩිමහලු සහෝදරයාට වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති බව සුරියවැව පොලිසිය කියයි. 13 February 2020
ලක්ෂ 25ක නැඳුන් දැව සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධීව සඟවා තිබු ලක්ෂ 25 ක පමණ නැඳුන් දැව තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්රික්ක වන රක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 13 February 2020
පොළොන්නරුව තෝපාවැව විදුහලේ දෙමව්පියෝ උද්ඝෝෂණයක පොළොන්නරුව තෝපාවැව මෛත්රීපාල සිරිසේන ජාතික පාසලේ ප්රධාන දොරටු ඉදිරිපිටදී මාපියෝ පිරිසක් අද (13) උද්ඝෝෂණයෙක නිරත වූහ. 13 February 2020
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට යාපනයේ සිට වවුනියාව දෙසට පැමිණෙමින් තිබු යතුරුපැදියක් කිලිනොච්චිය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී පෙරැළී යෑමෙන් එහි ගමන් ගත් පුද්ගලයකු අද (13) මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 February 2020
ගිනිඅවි-ජීව උණ්ඩ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට වැලිකන්ද සිංහපුර ප්රදේශයේ වෙල්යායක පැළක සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ තුවක්කුවක් එම උණ්ඩ 1ක්,ස්වයංක්රීය ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ 2 ක් සමඟ සැකකරුවකු අද (13) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. 13 February 2020
නිතිවීරෝධීව පස් කපමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට වදුරබ පොලිස් බල ප්රදේශයේ මාබොටුවන හා ලේල්වල ප්රදේශයේ බලපත්ර නොමැතිව පස් කපමින් සිටි සැකකරුවන් දෙදෙනකු සමඟ ඒ සඳහා භාවිතා කළ ජේසීබී යන්ත්ර දෙකක් අත්අඩංගුවට ගත් බව වදුරබ පොලිසිය පවසයි. 13 February 2020
සිංගිමලේ කඳුකර රක්ෂිතයේ ගින්නක් හැටන් සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්රදේශයේදී අද(13) ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පවසයි. 13 February 2020
ලංගම බස් රියකට ගල් ප්රහාරයක් මොණරාගල සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට අද (13) අලූයම පොලොන්නරුව ගල්ලෑල්ල ප්රදේශයේ දී ගල් ප්රහාරයක් එල්ල වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 13 February 2020
පොලීසියේ තිදෙනකුට මාරුවීම් ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ට දෙදෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන ස්ථානමාරුවීම් ලබාදී ඇත. 13 February 2020
තෙල් බවුසරයක් පෙරළෙයි බදුල්ල කොළඹ ප්රධාන මාර්ගයේ හල්පේ සුරතලී ඇල්ල ප්රදේශයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසරයක් පෙරළී ඇති බව පොලිසිය කියයි. 12 February 2020
නිවෙස්වලින් සොරකම් කළ රන්භාණ්ඩ තොගයක් සොයාගනී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි පුද්ගලයෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඔහු විසින් විවිධ ප්රදේශයන්හි නිවෙස්වලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පෝද්දල පොලිසිය කියයි. 12 February 2020
රුපියල් කෝටියකට අධික කේරළ ගංජා යාපනයේදී අත්අඩංගුවට යාපනය මාණිප්පායි ප්රදේශයේදී ටිපර් රථයකින් ප්රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 90 ක් අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 12 February 2020
බදුල්ල අධිකරණ සැරයන්ට තර්ජනය කළ සැකකරු රිමාන්ඩ් බදුල්ල මහේස්ත්රාත් අධිකරණ සැරයන්වරයාට තර්ජනය කළ බව කියන සැකකරුවකු ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය. 12 February 2020
විදුහල්පති විභාගය සමතුන් රැකියා ඉල්ලා උද්ඝෝෂණයක විදුහල්පති විභාගය සමත්වී අසාධාරණයට ලක්වූවන්ගේ එකමුතුව අද (12) කොළඹ, ගාලු මුවදුර විරෝධතා සඳහා වූ ස්ථානයේ උද්ඝෝෂණයක් ඇරඹුහ. 12 February 2020
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් ගාලුමුවදොරදී ගාලු මුවදොර උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති භූමියට පැමිණි සමෘද්ධි සංවර්ධන පර්යේෂණ ක්රියාකාරීන්ගේ සංගමය අද ( 12) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 12 February 2020
අනවසරයෙන් කොස් ලී ප්රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්ර නොමැතිව අනවසරයෙන් කොස් ලෑලි සහ ලී තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පුද්ගලයෙක් සමඟ අද (12) කටුගස්තොට පොලිසියේ නිළධාරින් විසින් පොල්ගොල්ල ප්රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 12 February 2020
රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්යවරු උද්ඝෝෂණයක රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්යවරුන්ගේ සංගමය අද (12) කොළඹ සෞඛ්යය අමාත්යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. 12 February 2020
සිංහරාජයෙන් බාන්වැල්ගැට කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට අනවසරයෙන් මෙදේරිපිටිය ප්රදේශයෙන් සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී බාන්වැල්ගැට කිලෝ 64 ක් කපා ලොරි රථයකින් ප්රවාහනය කළ දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි. 12 February 2020
තේක්ක දැව සමඟ සැකකරුවකු අත්අඩංගුවට රිදීමාලියද්ද සිට මහනුවර දක්වා බලපත්රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් රථයකින් ප්රවාහනය කරමින් තිබූ තේක්ක දැව කඳන් 54 ක් සැකකරුවකු ද සමඟ අද (12) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 12 February 2020
නව විදුහල්පතිවරයෙක් ඉල්ලා රත්ගම විදුහලක උද්ඝෝෂණයක් වත්මන් විදුහල්පතිවරයා ඉවත්කර නව විදුහල්පතිවරයකු ලබාදෙන ලෙස ඉල්ලා අද (12 ) රත්ගම දේවපතිරාජ විදුහලේ දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණ නිරත වූහ . 12 February 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026