(මොහොමඩ් ආසික්)
බලපත්‍ර නොමැතිව අනවසරයෙන් කොස් ලෑලි සහ ලී තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පුද්ගලයෙක් සමඟ අද (12) කටුගස්තොට පොලිසියේ නිළධාරින් විසින් පොල්ගොල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොල්ගොල්ල ප්‍රදේශයේ ධාවනය වූ මෙම ලොරි රථය පරීක්ෂා කළ පොලිසිය එහි අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ කොස් දැව තොගය සොයා ගෙන ඇති අතර එහි කොස් ලෑලි 16 ක් පරාල 10 ක් සහ කුට්ටි කරන ලද කැබලි 10 ක් ඇතුළුව කැබලි 36 ක් එහි තිබී පොලීසිය මගින් සෙයා ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එක් සැකකරුවකුද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ඇප මත මුදා හරනු ලැබීමට පියවර ගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැව වාර්තාව ලබා ගැනීමෙන් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2025 නොවැම්බර් මස 17
12
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
860
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනවසරයෙන් කොස් ලී ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට