(පාලිත ආරියවංශ)
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණ සැරයන්වරයාට තර්ජනය කළ බව කියන සැකකරුවකු ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේදී ඊයේ(11) පදිකයන් සිවුදෙනෙකු හා යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කරමින් රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ, ඉදිරිපත් කළ ඇප ඇයැදුමට එරෙහිව අධිකරණ සැරයන්වරයා කරුණු සැළකළේය. කෙසේනමුත් සැකකරු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකළේය.
ඉන්පසු විත්තිකරුවන් රඳවා තිබෙන කූඩුවේ සිටම තමාට මරණීය තර්ජන එල්ලකළැයි බදුල්ල පොලිසියේ අධිකරණ රාජකාරි කරන සැරයන්වරයා විසින් මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කරන ලදී.
එය විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එම සිද්ධිය සඳහා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකළේය.
2025 නොවැම්බර් මස 17
12
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
860
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුල්ල අධිකරණ සැරයන්ට තර්ජනය කළ සැකකරු රිමාන්ඩ්