IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිංගිමලේ කඳුකර රක්ෂිතයේ ගින්නක්

(රංජිත් රාජපක්ෂ)
 
හැටන් සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේදී අද(13) ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පවසයි.
 
පවතින වියළි කාලගුණයත් සමග ගින්න වේගයෙන් කඳු මුදුන දක්වා පැතිර යමින් පවතී.
 
සිංගිමලේ කඳු මුදුනේ සිට පහළට ගලා බසිනා ජල මූලාශ්‍ර එක්රැස් කර හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.
 
සිංගිමලේ කඳු රක්ෂිතයේ කඳුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම, පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර දුර්ලභ දැව සහ ආයුර්වේද ඖෂධ පැළෑටි ගණනාවක්ද තිබෙන බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.
 
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.
 
පැතිර යන ගින්න පාලනය කිරීමට හැටන් පොලිසියේ නිලධාරීහු, හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු මේ වන විට කටයුතු කරමින් සිටිති.



අදහස් (0)

සිංගිමලේ කඳුකර රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 19 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1545 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1674 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site