(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල තන්තිරිය රක්ෂිතයේ අද (7) හවස ඇති වූ හදිසි ගින්නකින් අක්කර දෙකක භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණයත් සමඟ මෙම ගින්න ඇතිවී තිබේ. රක්ෂිතය පුරා ගින්න සීග‍්‍රයෙන් පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම ගින්න පැතිර ගිය ප‍්‍රදේශය අවට නිවාස කීපයක් පැවතීම හේතුවෙන් බණ්ඩාරවෙල පොලීසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
කිසියම් පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd