IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ජේතවන දාගැබේ ඉරිතැලීමක්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පුදබිමේ පිහිටි ජේතවන දාගැබ ඉරිතලා ඇති බව ජේතවන විහාරාධිකාරී ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ අද (09) පැවසූහ.

හතරැස් කොටුවේ සිට ගර්භයේ උතුරු දිසාවෙන් , දකුණු දිසාවෙන් සහ බටහිර දිසාවලින් පහළට මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ඉරිතැලීම් දිගින් දිගටම සිදුවන්නේදැයි පරීක්ෂා කර තමන්ට දැනුම්දෙන ලෙස ජේතවන ව්‍යාපෘති නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

මෙම ඉරිතැලුනු කොටස් සේම කොත් කැරැල්ල මුදුණේ හා හතරැස් කොටුවේ ඇති පැලීම් තුළින් ගර්භය තුළට වැසි ජලය ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙම ඉරිතැලීම් තවදුරටත් වර්ධනය වේ දැයි නිරීක්ෂණය කර තමන් වෙත දැනුම් දෙන ලෙසත් ජේතවන දාගැබ සං‍රක්ෂණ ක්‍රියාවලියේ ආරම්භයේ සිටම උපදේශකයකු ලෙස සේවය කළ ඉංජිනේරු විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා පසුගිය 07 වැනිදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට දැනුම්  දී තිබේ.

මෙම ඉරිතැලීම් දිනෙන් දින වර්ධනය වන බවත් වර්තමාන විහාරයට ඉහළින් පිහිටි ගර්භයේ ඉරිතැලුනු කොටස් දැඩි අවදානම් තත්වයක පවතින බවත්‍ මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

ක්‍රි.ව. 4 වන සියවසේ මහසෙන් රජතුමන්ගේ නිර්මාණයක් වන ජේතවන දාගැබ ලෝක උරුම ස්ථානයක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික ස්ථානවලින් ප්‍රධාන ස්මාරකයක් සේ සැළකෙන ජේතවන දාගැබ ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට වල්වැදී රූස්ස ගස්වලින් වැසී තිබී 80 දශකයේ මුල් භාගයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපනය කිරීමෙන් පසුව සං‍රක්ෂණය කර 2009 වසරේ මැයි මස 15 වන දින දෙස් විදෙස් ජනතාව සඳහා විවෘත කර තිබේ.



අදහස් (2)

ජේතවන දාගැබේ ඉරිතැලීමක්

Kumar Sunday, 09 February 2020 03:49 PM

හතරැස් කොටුවෙන් පිළිඹිබු කරන්නේ චතුරාර්ය සත්‍ය කියන එක නේද ? මේ දිනවල ඒක ඉරිතලන එක ගැන පුදුම වෙන්න දෙයක් තිබෙනවද?

:       0       11

Pradeep Monday, 10 February 2020 02:24 AM

බලධරයිනි, වහාම නිසි පියවර ගන්න. මේ ලෝක උරුමය රැක ගැනීමට කටයුතු කරන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site