IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මීගොඩ වෙළඳසැල් 5 කට නඩු

(කේ බුද්ධික කුමාරසිරි)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් විසින් මීගොඩ ආර්ථික මධ්‍යස්තානය සහ ඒ අවට වෙළඳසල් අද (7) අලුයම හදිසි පරීක්ෂාවට ලක්කර වෙළඳසල් පහකට නඩු පවරා තවත් වෙළඳසල් 15 කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අපිරිසිදු ලෙස සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය තැනින් තැන දමා පවත්වාගෙන ගිය බේකරියකට මෙන්ම ආපනාශාලාවකට සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තිබූ වෙළඳසල් තුනකට මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත.

ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන වෙළඳසල් 20 ක් පරීක්ෂා කර කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය හමු වූ සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර ගබඩා කර තිබූ වෙළඳසල්  5 කට අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් සහල් පරිප්පු තිරිගු පිටි ආදී ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර ගබඩා කර තිබූ වෙළඳසල් 15 කට රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බවද එම කාර්යාලය පවසයි

මෙම වැටලීම සදහා හෝමාගම සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතාගේ උපදෙස් පරිදි හෝමාගම අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක පි‍්‍රයන්ත විජේසූරිය මහතාගේ අධීක්ෂණයෙන් ගොඩගම කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මයුරතිස්ස මහතාගේ සම්බන්ධීකරණයෙන් පාදුක්ක මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාලවලට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගී වූහ.



අදහස් (0)

මීගොඩ වෙළඳසැල් 5 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site