IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආඩිගම රියඅනතුරකින් තරුණයකු මරුට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආඩිගම කිරියන්කල්ලිය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් අද (9)  පාලමක ගැටි සිදුවු අනතුරින් තරුණයකු මිය ගොස් 7 දෙනෙකු තුවාල ලබා මුන්දලම හා හලාවත රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්වි ඇත්තේ මනිරන්ජන් සරෝජ් කුමාර (24 ) නැමති තරුණයෙකි.

ආඩිගම සිට මුන්දලම දක්වා අධික වේගයෙන්  ගමන් කරමින් තිබු සුඛෝපභෝගි වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව තිබේ.

තුවාල ලැබු පිරිසෙන් දෙදෙනෙකු මුන්දලම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් 5 දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ආඩිගම,  කිරියන්කල්ලිය , හලාවත , කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධව මුන්දලම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි . 



අදහස් (0)

ආඩිගම රියඅනතුරකින් තරුණයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site