(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථානයේ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් කාන් මහතා ඇතුළු පිරිස අද (08) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා පිළිගන්නා ලදී.
සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී සමරු සටහනක් තැබූ පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා පසුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්ද දේශීය අනන්‍යතාවය සහිත සමරු තිළිණයක් පකිස්තාන ගුවන් හමුදාපතිවරයා වෙත මෙහිදී පිළිගන්වන ලදී.
පකිස්තාන ගුවන් හමුදාපතිවරයාගේ බිරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2497
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පාකිස්තානු ගුවන් හමුදාපති දළදාවහන්සේ වැඳපුදා ගනියි
shantha Sunday, 09 February 2020 12:46 AM
කවදාවත් මේ කට්ටිය මේකට වදීද ?
ලුම්බිණි Sunday, 09 February 2020 10:23 AM
මේ අය පාකිස්ථානයේ බෞද්ධ නටඹුන් වලට කරන ගරුසරුව දුටුවම දළදා වහන්සේ පෙන්වන්න ගෙනගිය එක පුදුමයි.