(තරංග ගුණරත්න)
වැලිගම පැනෑටියන ප්‍රදේශයේදී අතුරුදහන් වූ බව කියන පුද්ගලයකුගේ මළ සිරුර එම පෙදෙසෙහි දොළක තිබී (06 ) සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ, වැලිගම පොලිස් වසමේ පැනෑටියන දිවෙලවත්ත පදිංචිව සිටි 61 වයසැති බැඳිහකුරුලාගේ ගුණපාල නැමැති සිව්දරු පියෙකි.
මොහු පසුගිය 3 දින රාත්‍රියේ නිවසෙහි සිටියද පසුදා උදෑසන සිට අතුරුදන්ව ඇත. ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
ඒ අනුව, වැලිගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී 'කෙල්ල මළ දොළෙහි' තිබී ඔහුගේ මළ සිරුර හමුවී ඇත.
මළසිරුර තිබු ස්ථානයේ සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් ඇද දමා තිබු විදුලි කම්බියක්ද පොලිසිය ෙ සොයා ගෙන තිබිණි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd