(නිමල් ජයරත්න)
වැලිකන්ද රුහුණු කෙත ගම්මානයේදී කාන්තාවකට සහ ඇගේ පුතාට පහරදුන්නැයි සැකපිට අද(07) සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොනරතැන්න උපකලාපයට අයත් ගොවිපොළක සේවය කරන 37 හැවිරිදි වීයේ පසුවන්නෙකි.
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සැකකරු මොවුන්ට පහරදී ඇතිබව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දරුවාගේ පියා ඉකුත් 5 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඒ අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ 48 වියැති මව සහ 15 වියැති පුතා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සැකකරු අද මනම්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd