ධීවර අමාත්‍යංශයෙන් විශේෂ මෘදුකාංගයක් ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු ඉහළ යාම නිසා එම කටයුතු පාලනයට විශේෂ මෘදුකාංගක් හඳුන්වාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. 22 February 2019
නළ ළිං ඉදිනොකරන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයේ මීරිගම ලෝලුවාගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ පොල් නිෂ්පාදන කර්මාන්ත ශාලා භූමියක නළ ළිඳක් ඉදිකිරීමට එරෙහිව අද(22) ගිරිඋල්ල පස්යාල මාර්ගය සමීපයේ එම කම්හල ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නියැලුණහ. 22 February 2019
දකුණු පළාත් සබේ මන්ත්‍රීවරු විරෝධයක දැනට විසුරුවා හැර තිබෙන පළාත් සභා හයේ ඡන්දය මෙතෙක් නොපැවැත්වීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (22) පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක් ඇරඹුහ. 22 February 2019
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියවරු වීදි බසිති පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පුලස්තිපුර, අභයපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ මාපියෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් අද (22) පුලස්තිපුර අභයපුර මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 22 February 2019
අනවසරයෙන් තේක්ක කඳන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් 50ක් පමණ පැටවූ ලොරි රථයක් පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 22 February 2019
ව්‍යාජ මුදල් නෝට්ටු තැන්පත් කිරීමට ආ අයෙක් අත්අඩංගුවට රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයෙක් ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු පහක් සමඟ රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ රාජ්‍ය බැංකුවකදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 22 February 2019
වල්ලාපට්ටා කිලෝ 3ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට වල්ලාපට්ටා කිලෝ තුනයි ග්‍රෑම් අටසීයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. 21 February 2019
අත්තනගල්ලේ කොප්පරා මැස්සක ගින්නක් අත්තනගල්ල හග්ගල්ල ප්‍රදේශයේ කොප්පරා මැස්සක අද (21) ඇතිවූ හදිසි ගින්නකින් එම කොප්පරා මැස්ස සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 21 February 2019
කීඩෑ උවදුරෙන් පොලොන්නරුවේ වී වගාවට හානී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගාවේ අක්කර 10,000 ක් පමණ මේ වනවිට කීඩෑ උවදුරට ගොදුරු වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 21 February 2019
ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35 ක හොරකමක පාපොච්චාරණයක් ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ලක්ෂ තිස්පහකට ආසන්න දේපල හා මුදල් සොරකම් කළ බවට සිදුකළ පාපොච්චාරණයක් ඔස්සේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලක්ෂ විසි පහකට ආසන්න මුදල් සහ දේපල සොයා ගැනීමට හැකි වූ බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පැවැසීය. 21 February 2019
හෙරොයින් ලඟ තබාගත් කාන්තාවකට වසර තුනක සිර දඬුවමක් හෙරොයින් මිලි ග්‍රෑම් 639 ක් විකිණීමේ අරමුණින් ලඟ තබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ඌව පළාත් බද මහාධිකරණයේදී අද (21) වරද පිළිගත් අතර මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය ගුණසේකර මහතා විසින් එම කාන්තාවට වසර තුනක රපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 15000 ක දඬයක් නියම කළේය. 21 February 2019
මහපාරට කුණු දැමූ - මදුරුවන් බෝකළ 14කට 27000ක දඩයක් බදුල්ල කොළඹ ප්‍රධාන පාරට කසළ බැහැර කළ සිව් දෙනෙකු සහ ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 10 දෙනෙකුට රුපියල් 27,000ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියම කළේය. 21 February 2019
අයිතිවාසිකම් ඉල්ලා රාජ්‍ය කළමනාකරණ සේවකයෝ විරෝධතාවයක වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය කළමනාකරණ සේවකයින් අද (21) දහවල් අම්පාර නගරයේ දී විරෝධතාවයක් ඇරඹුහ. 21 February 2019
වී කිලෝවක මිල 60 දක්වා වැඩිකරන්නැයි ඉල්ලා ගොවීහු වීදි බසිති ඒකාබද්ධ ගොවි ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(21) දහවල් වැලිකන්ද නගර මධ්‍යයේ දී පැවැත්විණි. 21 February 2019
පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ පොල්ලකින් පහරදී කොළඹගම ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බව කටුපොත පොලිසිය කියයි. ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 36 ක කාන්තාවක් ද සිය සැමියා සමඟ පොලිසියට බාරවී තිබේ. 21 February 2019
රුහුණ සම සෞඛ්‍ය පීඨය යළි විවෘත කරන්නැයි සත්‍යග්‍රහයක් රුහුණ විශ්ව විද්‍යාලයේ ගාල්ල උළුවිටිකේ පිහිටුවා ඇති සම සෞඛ්‍ය විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබීමට එරෙහිව සහ එම පීඨය නැවත වහාම විවෘත කරන ලෙසට පාලනාධිකාරියට බලකරමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය අද (21) එම පීඨය ඉදිරිපිට අටවා ගත් අට්ඨාලයක නැගී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 21 February 2019
වරෙන්තුකරු ගිනි අවියක් සමඟ කොටුවෙයි බදුල්ල අධිකරණයේ විභාග වන අපරාධ නඩුවකට අදාළව අධිකරණය මඟහැරීම නිසා වරෙන්තු ලබා සැඟවී සිටි සැකකරුවකු මෙරට නිපදවන ලද තුවක්කුවක් සමඟ ගලඋඩ ප්‍රදේශයේ අද (21) අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 21 February 2019
මතුගම අනතුරකින් දෙදෙනෙක් මරුට මතුගම අලුත්ගම මාර්ගයේ පොදු සුසාන භූමිය අසල නවතා තිබු ලොරියක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගිය බව මතුගම පොලිසිය පවසයි. 21 February 2019
වතු නිවාස පෙළකින් කම්කරුවන් 51ක් ඉවත් කෙරේ බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ වතු නිවාස පේළියක් කඩා වැටීමේ අවදානමක් මතු වීම හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 12 කට අයත් සාමාජිකයන් 51 දෙනෙකු එම නිවාස වලින් තාවකාලිකව ඉවත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි. 21 February 2019
අතුරුදහන් වු තරුණයාගේ මළසිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවේ මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබී අද (21) සොයාගත් බව මස්කෙලිය පොලිසිය පවසයි. 21 February 2019
සාලියවැව අනතුරෙන් එක්දරු පියා මරුට පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව කන්දඋඩ දී අද(20) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙකු මිය ගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි. 20 February 2019
බීමත්ව බස් රථයක් ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට මත්පැන් පානය කර බදුල්ල - කොළඹ මගී බස් රථයක් ධාවනය කළ බව කියන රියදුරෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙළ පොලිසිය කියයි. 20 February 2019
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය විරෝධතාව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (20) විරෝධතාවක නිරතවූහ. 20 February 2019
ළිදුල රක්ෂිතයෙන් හමුවූ මළ සිරුර අධිකරණ වෛද්‍යවරයා ට යොමුකරයි තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද (20) ලිදුල පොලිසියට නියෝග කළේය. 20 February 2019
ගිනි අවි 4 ක් සමඟ අයෙක් අත්අඩංගුවට රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කුඩාලුණුක ගම්මානයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි බෙහෙත් කොටන තුවක්කුවක් හා වන සතුන් දඩයම් කිරීමට අටවනු ලබන බට තුවක්කු තුනක් සැකකරුවෙකු ද සමඟ අද (20) දහවල් හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත්බව රිදිමාලියද්ද පොලිසිය පවසයි. 20 February 2019
ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන සමුළුවට ‘සයුරළ‘ නෞකාව එක් වෙයි පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් ( 2019) නාවික අභ්‍යාසයට සහභාගී වී සිටිව ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ‘ නෞකාව අබුඩාබිහි දී ආරම්භ වු ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 සඳහාද එක් විය . 20 February 2019
රිය අනතුරකින් අයෙක් මරුට පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බැදිවැව” ගල්වංගුව අසලදී අද (20) පෙරවරුවේ යතුර පැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මරමුවට පත්ව ඇතැයි පොලොන්නරු පොලීසිය කියයි. 20 February 2019
නිවාස 35කින් දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට දෙහිවල ධර්මපාල මාවතේදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවා ගැනීමේ නියෝග මත කළ ප්‍රශ්න කිරීමේදී ඔහු නිවාස 35කින් රුපියල් 3,500,000ක් වටිනා දේපළ ද සොරකම් කර ඇතැයි අනාවරණය වූ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 20 February 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ. 20 February 2019
පානීය ජලය අපිරිසිදු යැයි විරෝධතාවක් අම්බලන්තොට හැඩවින්න ප්‍රජා ජල යෝජනා ක්රමයේ නල පද්ධතිය අලුත්වැඩියා කිරීම ප්‍රමාදවීම හේතුවෙන් පානීය ජලය අපිරිසිදු වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විරෝධය පලකරමින් නෝනගම ඇඹිලිපිටිය මාර්ගය වසා හැඩවින්න ජනතාව අද (20) විරෝධතාවයක නියැලුණහ. 20 February 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026