(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගාවේ අක්කර 10,000 ක් පමණ මේ වනවිට කීඩෑ උවදුරට ගොදුරු වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී උපාලි මහතා සඳහන් කළේ මහා වාරිමාර්ග යටතේ වගා කර ඇති සියලුම කුඹුරුවල කීඩෑ හානිය දක්නට තිබෙන බවයි.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි කලාප වලින් මේ කීඩෑ හානිය වාර්තාවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබෙන කිසිම කෘමිනාශක වර්ගයකට කීඩෑ හානිය මර්දනය නොවන බව ගොවීහු පවසති. වී වගාවේ කීඩෑ හානිය මර්දනය කිරීම සඳහා කෘමිනාශක වර්ග යොදා ඇති නමුත් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බවද ගොවීහු කීහ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇති කෘමිනාශක වර්ග යෙදුවද කීඩෑ හානියේ මර්දනයක් සිදු නොවන හෙයින් ඒ පිළිබඳව සොයා බලන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැනුම් දී තිබෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd