(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගාවේ අක්කර 10,000 ක් පමණ මේ වනවිට කීඩෑ උවදුරට ගොදුරු වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී උපාලි මහතා සඳහන් කළේ මහා වාරිමාර්ග යටතේ වගා කර ඇති සියලුම කුඹුරුවල කීඩෑ හානිය දක්නට තිබෙන බවයි.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි කලාප වලින් මේ කීඩෑ හානිය වාර්තාවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබෙන කිසිම කෘමිනාශක වර්ගයකට කීඩෑ හානිය මර්දනය නොවන බව ගොවීහු පවසති. වී වගාවේ කීඩෑ හානිය මර්දනය කිරීම සඳහා කෘමිනාශක වර්ග යොදා ඇති නමුත් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බවද ගොවීහු කීහ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇති කෘමිනාශක වර්ග යෙදුවද කීඩෑ හානියේ මර්දනයක් සිදු නොවන හෙයින් ඒ පිළිබඳව සොයා බලන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැනුම් දී තිබෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කීඩෑ උවදුරෙන් පොලොන්නරුවේ වී වගාවට හානී