(රෝවන් පෙරේරා)
අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් 50ක් පමණ පැටවූ ලොරි රථයක් පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ලද තොරතුරක් මත පුත්තලම මනතිව් ප්‍රදේශයේදී මෙම වැටලීම කර ඇත.
තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇත.
දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
පලාගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙන්න.ලොරි රථයද රාජසන්තක කරන්න