IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතුරුදහන් වු තරුණයාගේ මළසිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවේ‍

(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )                       

 
මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබී අද (21) සොයාගත් බව මස්කෙලිය පොලිසිය පවසයි.
 
මිය ගොස් ඇත්තේ මස්කෙලිය තැපැල් කාර්යයාල ප්‍රදේශයේ පදිංචි පැතුම් මධුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
 
මෙම තරුණයා ඉතුක් 19 වෙනිදා රාත්‍රියේ ලද දුරකථන ඇමතුමකට අනුව නිවසින් පියව ගිය බවත්, ඉන් අනතුරුව ආපසු නිවසට නොපැමිණි නිසා තරුණයාගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසිය වෙතට පැමිණිලි කර බවත්  පොලිසිය පවසයි.
 
මස්කෙලිය පොලිසියේ නිලධාරින් ජලාශය අවට කළ සොදිසි මෙහෙයුමකදි තරුණයා පැළද සිටි පාවහනක් ජලාශය අසළ තිබී හමුවූ බවත් ජලාශයේ ධිවරයන් සහ පොලිස් නිලධාරීන් අතුරුදහන් වූ තරුණයා සොයා  ජලාශය ඊයේ (20) දවස පුරා සොදිසි මෙහෙයුමක් කළ බවත්, රන්ගල නාවික හමුදා කදවුරේ නාවික කිමිදුම්කරුවන් විසින් අද(21) උදෑසන කළ මෙහෙයුමකදී සිරුර සොයා ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
 
මෙම තරුණයා අතුරුදහන් වු දිනයේ රාත්‍රි 8.20 ට පමණ දුරකථනයකින් කතා කරමින් ජලාශය දෙසට ගමන් කරන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන සටහන් වී තිබුණි. 
 
තරුණයා ජලාශයට වැටුණාද නැතහොත් ජලාශයට පැන සිය දිවි හානි කරගත්තාද යන්න පිළිබඳව මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙලිය පොලිසිය පැවසීය.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

 

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

 



අදහස් (0)

අතුරුදහන් වු තරුණයාගේ මළසිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවේ‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site