IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවර අමාත්‍යංශයෙන් විශේෂ මෘදුකාංගයක්

(නිමල කොඩිතුවක්කු)
 
           
ධීවර යාත‍්‍රා යොදාගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු ඉහළ යාම නිසා එම කටයුතු පාලනයට විශේෂ මෘදුකාංගක් හඳුන්වාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

නව මෘදුකාංගය හදුන්වාදීමත් සමඟ ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී ධීවරයින් විසින් දැනට පුරවන පෝරම කිසිවක් අවශ්‍ය නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

ධීවර යාත‍්‍රාවක් මුහුදු යාමේදී එහි සිටින අය සහ රැගෙන යන භාණ්ඩ පිළිබඳව එසැණින් ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත තොරතුරු මෙම මෘදුකාංගය මගින් ලබා දෙයි .

එකී තොරතුරු අනුව අදාළ ධීවර යාත‍්‍රාවේ සිටින කණ්ඩායම පිළිබඳ දත්ත අනුව ගැලපෙන්නේද , ඔවුන් සැබෑ ලෙසම ධිවර කාර්මිකයින් ද යන්න හඳුනාගැනීමට හැකිවීමත්, එකී දත්ත අනුව ගමනට අවසර දීම හෝ  යාත‍්‍රාවේ ගමන නැවත්වීමට  අදාළ අංශවලට ඉතාම කෙටිකාලයක් තුළ හැකි වීම මෙහි විශේෂත්වයකි.

අදාළ යාත‍්‍රාව මුහුදු ගිය පසු එම යාත‍්‍රාව ඇති ස්ථානය නිවැරදිව හදුනාගැනීමේ පහසුකම් සහිත මෙම මෘදුකාංගය මගින් ධීවර ජනතාවටද විශාල සේවයක් සිදුවන බවද දිලීප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ධීවර අමාත්‍යංශයෙන් විශේෂ මෘදුකාංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site