හොරෙන් යුක්රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස දකුණු කොරියානු ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පලා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 February 2019
දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහා මිලියන 12 ක භාණ්ඩ රජයේ සංවර්ධන වැඩසටහන්, සංවර්ධන සන්නිවේදනය ඵලදායි කිරීම හා සවිබලගැන්වීමේ වැඩසටහනේ , දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහා භාණ්ඩ බෙදා දීමේ උත්සවය අද (20) කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. 20 February 2019
‘සයුරළ‘ නෞකාවට විශේෂ ඇගයුමක්‘ පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (2019) නාවික අභ්‍යාසයට සමගාමීව පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනයේදී සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට ලක් වී තිබේ. 20 February 2019
යාපන කන්කසන්තුරෙයි වෙරළෙන් මළ සිරුරක් හමුවෙයි යාපනය කීරිමලෙයි කන්කසන්තුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ වයෝවෘද්ධ අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි. 20 February 2019
මාධ්යවේදිවයාට පහර දුන්නාට කෝපායි වැඩබලන ස්ථානාධිපති අත්අඩංගුවට යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. 20 February 2019
මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලයි කුරුඳුවත්ත ටොරිංටන් හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා, හෂීස්, අයිස් ආදී මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 20 February 2019
බස් අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී අද ( 20 ) උදෑසන බස් රථයක කුඩා ලොරියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් ලොරි රියදුරු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. 20 February 2019
කඩුවකින් කපා තරුණයෙක් ඝාතනය කරලා පිටිගල පොලිස් වසමේ තලගස්පේ මානානහේන ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කර තිබේ. 20 February 2019
රක්ෂිතයක තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගනී තලවකැලේ ලිඳුල ඌවකැලේ තේ වතුයායාට මායිම්ව පිහිටි රක්ෂිත කැළෑවක තිබියදී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව ලිඳුල පොලිසිය පවසයි. 19 February 2019
පෝයදා නීතිවිරෝධී මත්පැන් අලෙවි කළ අයෙක් අල්ලයි බේරුවල ගනේඅරඹ ප්‍රදේශයේ නිවසක නවම් පෝදා නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව රුපියල් 80,000ට ආසන්න වටිනාකමින් යුතු අරක්කු බෝතල් 42ක් සහ සැර අධික විශේෂ බියර් බෝතල් 12ක් අලෙවි කිරීමට නිවසේ තබාගෙන සිටි සැකකරුවකු අද (19) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 19 February 2019
බඹර ප්‍රහාරයකට ලක්වූ 14ක් රෝහලේ නවම් පොහොය දින සිල් සමාදන් වී සිල් පවාරණය කර නිවෙස් බලා යමින් සිටි හපුතලේ නිකපොත අක්කර සීය ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයින් 14 දෙනෙකු අද (19) බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 19 February 2019
එළදෙනුන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට අරලගංවිල, නිදන්වල ප්‍රදේශයේ සිට පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයට මස් පිණිස කුඩා ලොරියකින් රැගෙන යමින් සිටි එළදෙනුන් 5 දෙනෙකු සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (19) නවම් පුන් පොහෝදා සවස අරලගංවිල නගරයට ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 19 February 2019
පොලිස් කූඩුවේ සිටි සැමියාට කුඩු දුන්න බිරිඳ රිමාන්ඞ් වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට කෑම පාර්සලයක් සමඟ හෙරොයින් පැකට් එකක් ලබාදුන් බව කියන සැකකරුගේ බිරිඳ මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල එම්.පතිරණ මහතා අද (19) නියෝග කළේය. 19 February 2019
බලන්ගොඩ වෙල්යායකින් මළ සිරුරක් සොයා ගනී කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ වෙල්යායක තිබි නාදුනන පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (19) සොයා ගත් බව බලංගොඩ පොලිසිය පවසයි. 19 February 2019
මුහුදේ නාන්න ගිය 4 ක් රෝහලට හබරාදුව තල්පේ මුහුදේ නාමින් සිටියදි දියේ ගිලුණු තරුණයින් සිව් දෙනෙකු අද (19) කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 19 February 2019
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ නිවසකට අද (19) ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිවසේ තිබූ වෑන් රථයක් හා යතුරුපැදි දෙකක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 19 February 2019
තහනම් ධීවර දැල් තොගයක් මඩකලපුවෙන් අල්ලයි නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (19) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මුර සංචාරයක දී නිතිවිරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් ධීවර දැල් තොගයක් සොයා ගනු ලැබීය. 19 February 2019
මාර්ග සංවර්ධන අධිකාරියේ නාමය යොදා පස් ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බිමක සිට එම අධිකාරියේ නාමය යොදා ගනිමින් පෞද්ගලික ලොරි රථයකින් බලපත්‍ර රහිතව පස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (19) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 19 February 2019
විදේශීය කතකට අතවර කළ සැකකරු සොයා පරීක්ෂණ දොඩන්දුව පාලම අසළදී වෑන් රථ රියැදුරකු විසින් හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රිය තුළ තබා අද (19) අපයෝජනයට ලක් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 19 February 2019
මල්වතුඔය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි මල්වතු ඔය ප්‍රතිසංස්කරණ විශේෂ වාරි ව්‍යාපෘතියේ දෙවැනි අදියර අනුරාධපුර ජර්මන් පාලම අසලදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 19 February 2019
කාර්ය සහයකවරයකුගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි පනාගොඩ හමුදා පාසලේ කාර්යාල කාර්ය සහයකවරයාට මරණීය තර්ජනය කර ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 1000ක මුදලක් කොල්ල කා පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. 19 February 2019
බිරිඳ සැමියාට පොරවෙන් අනී බිරිඳ විසින් පොරවකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි. 19 February 2019
මුදලට සූදු කෙළියේ යෙදුණු 5ක් අත්අඩංගුවට දුම්මලකොටුව ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට සූදු ගසමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු හා මුදල් තොගයක් අද(19) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 19 February 2019
නාවික හමුදා සෙබළකු විදුලිසැර වැදී මරුට තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළෙකු අද (19) විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි. 19 February 2019
ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහේ පතොරම් යෙදිය හැකි ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි . 19 February 2019
තහනම් ධීවර දැල් තොගයක් සොයා ගනී උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පල්ලී කුඩා ප්‍රදේශයේ සිදුකළ පා මුර සංචාරයකදී නිතිවිරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගනු ලැබීය. 19 February 2019
රත්මලානේ කේක් නිෂ්පාදනාගාරයක ගින්නක් රත්මලාන අත්තිඩිය පාරේ ප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරයක අද (19) ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලේ තිබු භාණ්ඩ රැසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 19 February 2019
මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 19 February 2019
තාප්ප කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට පානදුර උතුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළදී අනාරක්ෂිත ලෙස තිබු විදුලි වයරයක් සකස් කිරිමට යාමේ දී මුර කුටියක් මතට තාප්පයක කොටසක් කඩා වැටීමෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි. 19 February 2019
පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේදී පුද්ගලයකුට පහර දී තුවාල සිදු කිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැන්දකැටිය පොලිසිය පවසයි. 19 February 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026